Monday, September 2, 2019
පොල් ගාන්නට අලස වීමෙන් ඇතිවන ලෙඩ රෝග
පොල් ගාන්නට අලස වීමෙන් රෝග ඇතිවිය හැකි බව ඔබ දන්නවාද ?
පොල් මිරිකන කොට අතට, විශේෂයෙන් ඇගිලි වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. පේශී වලටත් ඒවගේම තමයි. ඉස්සර කාන්තාවන් මිටිකිරි අරන් පොල් ටික මිරිස් ගලේ දාල ඇබරුවා. නැත්නම් වංගෙඩියේ දාල කෙටුවා.මේ හැම එකක්ම හොඳ ව්‍යායාම.
අද ඒ කිසි දෙයක් නැහැ. ඒ නිසා අද කාලේ ගෘහණියනට ලෙඩ වැඩි වෙලා.
අපි දැන් බලමු මොනවාද මේ ලෙඩ රෝග කියල.
1. ට්‍රිගර්
මේක ඇගිලි පුරුක් වලට එන ආබාධයක්. ඇගිලි පුරුක් නැවීමට අපහසු වෙනවා. වැඩ නොකර ඉන්න අයට තමයි මෙම රෝගයට ගොදුරු වෙන්නේ. හැමදාම දවසට තුන් හතර වතාවක් පොල් මිරිකපු අපේ අම්මලාට හොඳ ව්‍යායාමයක් ලැබුණා.
2. කාපල් ටනල් සින්ඩ්‍රෝම්
මෙම රෝගය සෑදෙන්නේ මැණික් කටුවට. එම රෝගයටත් පොල් මිරිකනකොට, අඹරනකොට, කොටනකොට ව්‍යායාම ලැබෙනවා. ඔපරේෂන් අවශ්‍ය වන්නේ නැහැ.
3. ටෙනිස් එල්බෝ
4. ගොල්ෆ් එල්බෝ
5. ෆ්රෝෂන් ෂෝල්ඩර්
මේ ආබාධ වැලමිට වගේම උරහිස් සන්ධියටත් ඇතිවෙනවා. ෆ්රෝෂන ෂෝල්ඩර් උරහිසෙන් නතර වන්නේ නැහැ. ඊලගට ස්පොන්ඩිලෝසිස් එනම් බෙල්ල ගල් වෙන පොල් ගස් රෝගය.
මේ සේරම අලස වීමේ පලවිපාක. අපේ ගෘහණියන් කරන ඊලඟ නරකම දේ පොල් බ්ලෙන්ඩර් කිරීම. එමගින් පොල් වල තිබෙන තෙල් ටිකත් කිරට එකතු වෙනවා. ඉතිරි වන්නේ රොඩ්ඩ විතරයි.
මේ විදියට ආහාර පිලියෙල කිරීමේදී තෙල් අසීමිත ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා. එම නිසා පොල් බ්ලෙන්ඩර් නොකර ගලේ අඹරලා හෝ වංගෙඩියේ කොටලා ගන්න. යහපත් ප්‍රතිඵල ගොඩක් ලැබෙයි.

No comments:
Post a Comment