Monday, September 30, 2019
සුදුලූණු වල විශ්මිත රහස
දේව යුගයේදී සුර හා අසුර අතර සටනක් තිබුණා. මේ සටනේදී යක්ෂයා පැරදුනා. දෙවියන් ජයගත්තා. මේ සටනේදී සුරයන්ගේ මුවින් පිටවූ ඛේටය බිදකින් සුදුලූණු හටගත් බවයි වේද පොත්වල සදහන් වෙන්නේ. මෙහි සත්‍ය අසත්‍යතාවය නම් දන්නේ නැහැ නමුත් සුදුලූණු යන්න දෙවියන්ගෙන් ලද ආහාරයක් බව විශ්වාස කරන්න පුළුවන්. පුරාණ අධිරාජ්‍යයන්ගේ ශක්තිජනක ශරීරවල රහස සුදුලූණු බවයි පුරාණ පොත් පත් වල තිබෙන්නේ.
සුදුලූණු ආහාරයට ගන්නට ඇති හොදම ක්‍රමය එය රෝස්ට් කර ආහාරයට ගැනීමයි.
ඇලුමිනියම් ෆොයිල් කැබැල්ලක් ගෙන එයට සුදුලූණු බික් 10ක් පමණ දමන්න. හොදින් වසන්න. සුදුලූණු මැදිකර එක ගුලියක් සේ සාදාගන්න. දැන් අවන් එකක හෝ දර පෝරණුවේ හෝ ගෑස් ලිපේ බර්නර් එක මත තබන්න. විනාඩි 8ක් පමණ රෝස්ට් කරන්න. පසුව එය නිවෙන්න තබා සුදුලූණු බික් ගලවාගෙන එය කෑමට ගන්න.
සුදුලූණු අනුභව කර පැයක් යාමට මත්තෙන් එහි විශ්මිත ගුණය ශරීරයට ලැබෙනවා. පළමු පැය තුළදීම රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත්වෙනවා.
දෙවැනි පැය තුළ සුදුලූණු වල ඇති ඉතාම දුර්ලභ රසායනිකයන් ලේවලට මුසුවෙනවා. ඒවා රුධිර ධමනි වල හිරවූ අධික තෙල් සහිත කැටි සොයාගෙන ඉක්මනින් දියකර හරිනවා.
සුදුලූණු ආහාරයට ගෙන පැය දෙක තුනක් යද්දීම ඒවා බඩවැල් මත ක්‍රියාත්මක වී ඔබේ මලපහ පිටකිරීමේ සහ මූත්‍රා පිටකිරීමේ අසීරුතා අවම කරනවා.
එසේම පැය දෙක තුනක් තුළ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකරනවා. ඒනිසාම රෝස්ට් කළ සුදුලූණු ආහාරයට ගන්නා අයට ඉක්මනින් ලෙඩ දුක් හැදෙන්නේ නැත්තේ ඒකයි. ඉන් ශරීරයට පුදුමාකාර ප්‍රතිශක්තිකරණයක් ලබාදෙනවා.
ශරීරයේ ඇති හොද කොලෙස්ට්‍රෝල් මට්ටම සුදුලූණු වලින් අඩුකරනවා. මේ හේතුව නිසාම අද බටහිර ලෝකය පවා සුදුලූණු පෙති (ගාලික් ටැබ්ලට්)
ආහාරයට ගෙන පැය කිහිපයක් තුළදී මේ තරම් විශ්මිත ලෙස ශරීරයට සෙත සදන තවත් කෑමක් තිබෙනවාද? අධික රතු මස් වැඩිපුර ආහාරයට ගන්නා චීනුන් තම කෑමට අධික ලෙස සුදුලූණු දමන්නේ එම අධික මස් වල ඇති තෙල් නිසා ශරීරයට ඇතිවෙන නරක අවම කිරීමටයි. ඇත්තටම එය එසේ වනවා. කෑමත් සමගම සුදුලූණු ගැනීම ඉතාම ඵලදායක බවයි ආයුර්වේදයේ සදහන් වන්නේ.
සුදුලූණු වල ඇති රසායනික තෙල් පිටවෙනවා. සමත් රුධිරයත් පිරිසිදු වෙන්නේ මේ හේතුව නිසායි. නමුත් ඒ නිසාම සුදුලූණු සුවදක් නිතරම ශරීරයෙන් එන්න ගන්නවා. බොහෝ දෙනා එයට අකමැතියි. නමුත් රෝස්ට් කළ සුදුලූණු වල එම සුවද එන්නේ අඩුවෙන්.
අදින් පසු කෑම ගන්නා විට රෝස්ට් කළ සුදුලූණු බික් දෙක තුනක් හෝ කෑමට එකතුකර ගන්න.

No comments:
Post a Comment