මේ පාන වර්ග සාදාගන්නේ පළතුරු සහ එළවළු සාරයෙන්. ලෝකයේ මේ වෙද්දී සොයාගත් සරලම දියුණුම ලෙඩ සනීප කරන ක්‍රමයක් තමයි පළතුරු සහ එළවළු සාරයෙන් රසවත් කල වතුර පානය. ඔබට පුලුවන් නම් අද ඉදලා මේ දේ කරන්න. මේ පානයන් සාදාගන්න ආකාරයත් ඒවායින් ලැබෙන සෞඛ්‍යමය වාසි මේ ලිපියේ සදහන්.
- දෙහි + ලෙමන් + දොඩම්
මේ සියල්ල එක බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු පහකට දමන්න. දවස පුරා වීදුරු බාගය බැගින් බොන්න.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිවීම, නිතර නිතර බෝවන රෝග වැළදීමට, සම කැසීමට, දෑස් බොදවීමට, මාසික වේදනා අවම කිරීමට, බඩ පිපුමට, ශරීරයේ අධික බර අඩුවීමට නිතර නිතර බීම ඉතා හොදයි.
2. ස්ට්‍රෝබෙරි + කොමඩු + දෙහි
මේ සියල්ල ග්‍රෑම් 200 බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු හතකට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න.
රුධිරය පිරිසිදු වීමට, නිතර ඇතිවන දාහයට, දෑස් බොදවීමට, සම පැහැපත් වීමට, යටි පතුල් පැලීමට, කොලෙස්ටරෝල් අවම කිරීමට ඉතා හොදයි.
3. බීට් + දෙහි
මධ්‍යම ප්‍රමාණයේ බීට් ගෙඩියක් පෙති කපාගන්න. එයට දෙහි ගෙඩි දෙකක් පෙති කපා දමන්න. වතුර වීදුරු හතකට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න.
ශරීරයේ විස සහිත බව අඩුවීමට, බටහිර බෙහෙත් නිසා ඇතිවන උෂ්ණයට, අක්මාව පිරිසිදු වීමට, හොදින් මලපහ පිටවීමට.
4. මින්චි කොළ + ග්‍රීන් ටී
මින්චි කොළ කෝප්ප එකක් ග්‍රීන් ටී බෑග් පහක් මද උණුසුම් වතුර වීදුරු හතකට දමා පැය 3ක් තබන්න. පසුව වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න.
අධික තරබාරුව නිසා ඇතිවන සියලුම රෝග අවම කිරීමට, බඩ පිපුමට, උදරය ඉදිරියට නෙරා ඒමට, සිහිකල්පනාව මදි වීමට.
5. උළුහාල් + කරපිංචා
උළුහාල් මේස හැදි 3ක් අතින් පොඩි කරගත් කරපිංචා මිටක් සමග මද උණුසුම් වතුර වීදුරු 7ක බහා තබන්න. වතුර වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න.
අධික කොලෙස්ට්‍රෝල් නිසා ඇතිවන සියලු අසීරුතා අවම කිරීමට.
6. උක්දඩු + දෙහි
හොදින් සුද්ද කරගෙන පෙති කපාගත් උක් දඩු කෝප්ප 1 ක්. දෙහි පෙති 5ක් සමග වතුර වීදුරු හතක දමා තබාගන්න. වතුර වීදුරුව බැගින් දවස පුරා බොන්න.
අධික තෙහෙට්ටුව, විඩාව, සාංකාව, නිදිමත අඩු කිරීමට ඉතා හොදයි.
7. කොත්තමල්ලි වතුර
කොත්තමල්ලි මේස හැදි 4ක් වතුර වීදුරු පහක දමා රැයක් තබා පසුදින විටින් විට පස්වතාවක් බොන්න.
මාසික වේදනාව අඩුවීම, මුත්‍රා ටික ටික යාමට, මුත්‍රා ආසාධනයට සහ කොන්දේ කැක්කුමට ඉතාම හොදයි.
8. ඉගුරු + මින්චි + මීපැණි + උණුවතුර + දෙහි පෙති
මේ සියල්ල එකට දමා උණුවතුර වීදුරු හතක් දමන්න. ඉගුරු සහ මින්චි කෝප්ප බාගය බැගින් දමන්න. ඉගුරු දමනවිට හොදින් සුද්ද කර සිහින් පෙති කපාගන්න. මින්චි කොළ අතින් පොඩිකර දමන්න. දෙහි පෙති කපාගන්න. මීපැණි මේස හැදි 2 ක් දමන්න. පැය බාගයක් වසා තබා ටික ටික බොන්න.
අධික තරබාරුව නිසා ඇතිවන අසීරුතා අඩුවීමට, ප්‍රතිශක්තිකරණය වැඩි වීමට, වමනය, ඔක්කාරය අඩුවීමට, බර අඩුවීමට ඉතා හොදයි.
9. දොඩම් + දෙහි ලෙලි කුඩු
දොඩම් ගෙඩි දෙකක් පෙති කපාගන්න. පසුව එයටම දෙහි ගෙඩි දෙකක ලෙල්ල කපාගෙන දමන්න. දෙහි ගෙඩියද පෙති කපා දමන්න. මේ සියල්ල වතුර වීදුරු හතක දමා පැයක් තබන්න.
ශරීරයේ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වැඩි වීම නිසා ඇතිවන අපහසුතා මේ මගින් දුරු වෙනවා. බඩවැල් වල තුවාල සනීප වෙනවා. ඇටමිදුළු ශක්තිමත් වෙනවා.
10. පිපිඤ්ඤා පෙති + දෙහි පෙති + මින්චි කොළ
මේ සියල්ල කෝප්ප බාගය බැගින් ගෙන වතුර වීදුරු හතක දමා දවස පුරා ටික ටික බොන්න.
බර අඩු වෙනවා, අසනීප තත්වයන් නිසා ඇතිවන ගිලන් ස්වභාවය අවම වෙනවා.
11. කුරුදු + දෙහි
කුරුදු කැබලි කෝප්ප කාලක් දෙහි පෙති කෝප්ප කාලක් සමග මිශ්‍ර කර එය වතුර වීදුරු පහක දමාගන්න. පසුව ටික ටික බොන්න.
ශරීරයේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබාගත හැකිය. අධික බර අඩු වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි බෙහෙත් පාවිච්චි නිසා ඇතිවන ඌෂ්ණ තත්වය අවම වෙනවා.
උපුටා ගැනීමකි.

No comments:
Post a Comment