Saturday, November 2, 2019
පුදුමාකාර හාස්කම් ඇති පිපිඤ්ඤා වතුර....
ශරීරය ගිනියම් නම්...ඔබේ ශරීරය ඇත්තේ දැඩි අවධානමකයි. ඔබේ ශරීරයේ ඇති මේ ගිනියම බලපාන්නේ ඔබේ ඇස් වලටත් සමටත් පමණක් නොවේ. ඔබ නොසිතන තරම් බලපෑමක් කරන්නේ ශරීරයේ ඇතුළු අවයව වලටයි. විශේෂයෙන් අක්මාවට, හෘදයට, මොළයට හා වකුගඩු වලටයි.
මේ නිසා අධික ලෙස වියලීම යාම නොවේනම් ඩීහයිඩ්ට්‍රේඩ් වීම ඉතාමත් අනතුරුදායක දෙයක්. පසුගිය කාලයේ පැවති අධික වියළි කාලගුණය දැන් පහව ගියත් ඔබේ ශරීරයේ සදාකාලයටම ඇති වියලීමක් තිබෙනවා. එය ඔබ නිසි ලෙස පාලනය නොකළොත් ඉතාමත්ම අහිතකර සෞඛ්‍ය ගැටළු ඔබට ඇතිවිය හැකිය.
අතීතයේ සිට ආයුර්වේද වෛද්‍යවරුන් විසින් සිසිලන වත්කම් ඇති හොදම එළවළුව ලෙස හැදින්වූවේ පිපිඤ්ඤායි. හීලින් ප්‍රොපටීස් නොවේනම් කූලින් ප්‍රොපටීස් ඇති විශ්මිත එළවළුවක් ලෙස හැදින්වූ මේ පිපිඤ්ඤා සතුව අපේ ශරීරය අසාමාන්‍ය ලෙස සිසිල් කරන ගුණ තිබෙනවා. ඉතාමත් අධික ලෙස පාරිසරික වියලීම් ඇති ප්‍රදේශවල ස්වභාව ධර්මය විසින්ම පිපිඤ්ඤා අස්වැන්න වැඩිකරන්නේ මේ නිසයි. අද රජරට ගොවියන්ගේ ඇති වී ඇති වකුගඩු ප්‍රශ්න මේ තරම් දරුණු වී ඇත්තේ ඔවුන් විසින් වගාකරන පිපිඤ්ඤා ගෙඩියක්වත් ඔවුන් හේනට වී නොකන නිසයි.
කීරා පානී ලෙස ඉන්දියාවේ හදුන්වන පිපිඤ්ඤා වතුර පානය කිරීම අතීතයේ සිටම ඔවුන් කරගෙන ආ දෙයක්. මේ හේතුව නිසා අපටත් වඩා වියලි කාලගුණයක් ඇතැම් කාලවල ඇති ඉන්දියාවේ ඇති ඉන්දියාවේ අය අධික ලෙස වියලීමෙන් මිදී ජීවත් වෙනවා. මේ කීරා පානී වල සම පැහැපත් කරන සම දිදුලවන රහස් සංඝටකයන් ඇතුලත් වෙනවා.
ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් තරගය අතරවාරයේ පවා පිපිඤ්ඤා වතුර බොන බව ඉන්දියාවේ අයට රහසක් නොවේ. ක්‍රිකට් පිටියකදී ඔවුන්ට ඇතිවන අධික පිපාසය මෙන්ම බඩගින්නද මේ මගින් නැතිවෙනවා.
මේ පිපිඤ්ඤා වතුර ශරීරයට තෙතමනය දෙනවා පමණක් නොවෙයි. එය අධික රුධිර පීඩනය අවම කරනවා. ශරීරයේ කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමේ හාස්කම් බලයක් එහි ඇතුළත්. එසේම දිනපතා පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම සැළකියයුතු මට්ටමකින් අඩුවෙන බව දැන් සොයාගෙන තිබෙනවා. බටහිර රටවල් වල මේ දිනවල රැල්ලක් සේ පැතිරීගෙන යන ඩෙටොක්ස් පානයටද මේ පිපිඤ්ඤා දමනවා.
මේ තරම් ලාබයට පිපිඤ්ඤා ඇති අපි පිපිඤ්ඤා වතුර නොබී අධික ලෙස වියලීගිය ශරීරවලින් ලෙඩ දුක් හදාගන්නවා. වරද ඇත්තේ අප තුළම නොවෙයිද?
පිපිඤ්ඤා වතුර සාදාගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය
1. වතුර වීදුරු 6ක් 7ක් දැමිය හැකි වීදුරු ජෝගුවක්
2. සිහින්ව කපාගත් කොළ පිපිඤ්ඤා (ගර්කින්) ගෙඩියක් හෝ සාමාන්‍ය පිපිඤ්ඤා ගෙඩියක් මදයත් සහිතව දැන් වතුර එකට පිපිඤ්ඤා පෙති දමන්න. ඔබට ගැස්ට්‍රයිටිස් අමාරුව නැතිනම් මෙයට දෙහි පෙති කිහිපයක්ද දැමිය හැකිය.
දැන් දවස පුරාම මේ පිපිඤ්ඤා වතුර පානය කරන්න. හවසට අලුත් පිපිඤ්ඤා වතුර එකක් හදාගන්න. මෙය දවස් දෙක තුනක් කිරීමෙන් හොදින් මූත්‍රා පිටවෙනවා. හොදින් මල පිටවෙනවා. ශරීරයට සැහැල්ලුවක් දැනෙනවා. සම පැහැපත් වෙනවා. ඇස් දීප්තිමත් වෙනවා. අධික රුධිර පීඩනය තිබුනානම් එය අඩුවෙනවා.
මේ සියල්ල වීමට දවසක් දෙකක් බී ප්‍රමාණවත් නෑ. දෛනික පුරුද්දක් කරගත යුතුයි.
උපුටා ගැනීමකි.

No comments:
Post a Comment