හිස් හොරි වදයක්ද?
වර්තමානයේ තරුණ පරම්පරාව අතර බොහෝ සෙයින් පැතිර ගිය බොහෝ දෙනෙකුට නිතර සෑදෙන රෝගයකි හිශොරි. අද තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මෙම හිශොරි උවදුරෙන් බේරීමට අදික මුදලක් වැයකර ෂැම්පු වර්ග භාවිතා කරනු පෙනේ. ඉන් තාවකාලික සහනයක් ලැබුණද හිස් හොරි නිට්ටාවට සුව කළ නොහැකි බව පෙනී ගොස් ඇත. අද අප මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ හිස් හොරි මර්දනය කිරීමට වැඩි මුදලක් වැය නොකර, පහසුවෙන් ගෙදරදීම සාදාගත හැකි අත් බෙහෙත් කිහිපයකි.
1. රතුලූණු හා උලුහාල් එක තරමට හෙන හොදට උණු වතුරේ තම්බාගන්න. දියනෑමට පැය භාගයකට පමණ පෙර එම තැම්බූ වතුර හිසට දමා හොදින් පිරිමදින්න. විනාඩි කිහිපයක් හිස හොදින් පිරිමැදීමෙන් පසු ස්නානය කරන්න. මෙම ප්රතිකර්මය සතියකට දෙවරක් සිදුකිරීමෙන් හිස් හොරි සුවකළ හැකිය.
2. දෙහි ගැට හා ගොඩපර කොළ තම්බා දියනෑමට පෙර හිසි පිරිමැදීමෙන් කරදරකාරී හිස් හොරි සුවකරගත හැකිවේ.
3. වෙරලු කොළ හා පේර කොළ සම ප්‍රමාණයට ගෙන කොටා එම යුෂ දියනෑමට පැය භාගයකට පමණ පෙර හිස ගල්වා එම යුෂ හොදින් ඇගිලි තුඩු වලින් හිසේ අතුල්ලා ගන්න. පැය භාගයකට පසු ස්නානය කරන්න. හිස් හොරි සම්පූර්නයෙන්ම ගැලවී යනු ඇත.
4. දෙහි කොළ මිටක් ගන්න. එයට දෙහි ගෙඩියක් හීනියට කපා දමා තම්බා ගන්න. එම දියර ගෙන දියනෑමට පැය භාගයකට පමණ පෙර ඔලුව හොදින් සෝදන්න. මෙය හිස් හොරි කරදරයට කදිම ඔසුවකි. සතියකට දෙවරක් කර බලන්න. ප්‍රතිපල මහත් ගුණදායක වනු ඇත.
ඉහතින් සදහන් කළ ඖෂද භාවිතා කිරීමෙන් හිස් හොරි සදහටම හිසෙන් ඉවත් කළ හැකිවනු ඇත. ඖෂද වලට අමතරව නිතරම හිස පිරිසිදුව තබා ගැනීම ඉතා හොද සෞඛ්‍ය පුරුද්දකි. අඩු වශයෙන් සතියකට දින 4 ක් හෝ 5 ක් ස්නානය කළ යුතුය. ඖෂදීය තෙල් වර්ගයක් හෝ තලතෙල්, පොල්තෙල් වැනි තෙල් වර්ගයක් හිසේ ගැල්වීම ඉතා ගුණදායකයි.







No comments:
Post a Comment