1. කරවිල සම්බෝලය
අලුත් කරවිල ගෙඩි 2ක් ගන්න. එය ඉතාම සිහින්ව ලියන්න. පසුව එය ලුණු වතුරේ දමා විනාඩි 10ක් තියන්න. විනාඩි දහයකට පසුව කරවිල ටික හොදින් මිරිකාගන්න. බෝල් එකකට දමන්න. එයට ඉතා සිහින්ව ලියාගත් රතුලූනු බික් 10ක් දමන්න. අමුමිරිස් කරලක් ලියා දමන්න. දෙහි බෑයක යුෂ දමන්න. හොදින් මිශ්‍ර කර මේ ටික බත් සමග කෑමට ගන්න. දවසක් ඇර දවසක් මේ කරවිල සම්බෝලය කන්න. ෂුගර් දෙසිය ගානට තිබුනත් නිසි මට්ටමට දින දෙකක් තුළ ඒවි. ෂුගර් නැතත් දවස් දෙක තුනකට වරක් කන්න.
2. තෙඹු කොළ සම්බෝලය
තෙඹු කොළ මිටියක් ගෙන ඉතාම සිහින්ව ලියාගන්න. පොල් මේස හැදි 3ක්, ලියාගත් රතුලූනු 10ක්, අමුමිරිස් කරල් 2ක්, ලුණු තේ හැදි බාගයක් සහ දෙහි බෑයක යුෂ දමන්න. බත් සමග කෑමට ගන්න. දින තුනකට වරක් කන්න. දිනපතා ආහාරයට ගන්න එපා. එසේම රාත්‍රී කාලයට ආහාරයට ගන්නත් එපා. දවල් කෑම සමග ගන්න.
3. ඇඹරැල්ලා අච්චාරු
අමු ඇඹරැල්ලා ගෙඩි දෙකක් ලෙල්ල පිටින් කුඩාවට කපන්න. පසුව එයට මිරිස් කුඩු තේ හැදි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැදි කාලක් සහ ලුණු කුඩු තේ හැදි කාලක් දමන්න. මිශ්‍ර කර අච්චාරුවක් ලෙස කන්න. උදේ වරුවේ මෙය කන්න. දින දෙකකට වරක් කෑම ප්‍රමාණවත්වේ.
4. කාමරංකා
කාමරංකා ගෙඩියක්, ලුණු කුඩු ඉතාම ස්වල්පයක් ගෙන කාමරංකා ගෙඩියක් කෑමට ගන්න. රස පළතුරක්. දවස් දෙකකට වරක් කෑමට ගන්න.
5. නාඩු සහල් බත්
හැමදාම රාත්‍රීයට නාඩු සහල් බත් කෝප්ප එකක් කෑමට ගන්න. සම්බා බත් හෝ පාන් පිටි යෙදූ ආහාර වලින් වැළකී මෙය කරන්න.
6. බෙලි කොළ පානය
අලුත් බෙලි කොළ මිටක් උණුවතුරේ දමාගෙන විනාඩි 30ක් තබා පසුව පානය කරන්න. මේ ඔසු පානය දින තුනකට වරක් කිරීම හොදටම ප්‍රමාණවත්.
7. උණුවතුර දෙහි පානය
හැමදාම රාත්‍රී නින්දට යන්නට පෙර උණුවතුර වීදුරුවකට දෙහි ගෙඩියක් මිරිකා පානය කර නින්දට යන්න. ඔබට ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම් මේ ප්‍රතිකර්මය කරන්න එපා. දවස් දෙක තුනකින් රුධිරයේ සීනි මට්ටම මෙන්ම කොලෙස්ට්‍රෝල් මට්ටමත් පහතට වැටෙනවා.








The King Casino | Situs Judi Slot Online Terbaik 2021
ReplyDeletePlay online https://septcasino.com/review/merit-casino/ Pragmatic Play Slots 도레미시디 출장샵 at The King Casino - https://septcasino.com/review/merit-casino/ Member Baru & https://deccasino.com/review/merit-casino/ Terpercaya https://jancasino.com/review/merit-casino/ 2021! Rating: 98% · 240,388 votes