වෛද්‍ය විද්‍යාවේ 'පයිල්ස්' නැත්නම් ' හොමොරයිඩ්ස්' වශයෙන්ද ආයුර්වේදයේ ' අර්ෂා' වශයෙන්ද සාමාන්‍ය කටවහරේදී 'අර්ශස්' ලෙසද හදුන්වන මේ දුෂ්කර රෝග තත්වයෙන් ඔබත් පීඩා විදිනවාද? නැත්නම් ඔබේ පවුලේ කෙනෙක් මේ අමාරු රෝග තත්වය නිසා මානසික අසහනයට පත්වී සිටිනවාද? එසේනම් මේ ලිපිය ඒ වෙනුවෙන්මයි.
අර්ශස් නැතහොත් පයිල්ස් කියන රෝගයේ දී සිදුවන්නේ ගුද මාර්ගයේ හෝ ඉන් පිටත හෝ ගුද මාර්ගය ඇතුලත හෝ කුඩා ගෙඩි හට ගැනීමයි.මේ ගෙඩි ටිකෙන් ටික ගුද මාර්ගයෙන් පිටතට ඒමක් සිදුවෙනවා. එඅය අර්ශස් රෝග තත්වයේ එක් එක් අවධි ලෙස හදුන්වනවා. බොහෝ අය තමාට අර්ශස් ඇති බව හදුනාගන්නේ අර්ශස් ගෙඩි කඩී මලපහ කිරීමේදී රුධිරය පිටවීමේදියි.
තමාගේ ගුද මාර්ගයේ ගෙඩි හටගෙන ඇතැයි කියා වෛද්‍යවරයෙක්ටවත් නොපෙන්වා සිටින අය අපේ සමාජයේ බොහෝමයි. නමුත් මුල් අවධියෙදීම ප්‍රතිකාර කරනවා නම් එය මගහරවා ගන්නට හැකි බව බොහෝ දෙනා නොදනී. බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමයේදී පයිල්ස් සදහා ප්‍රතිකාර නැත. ඔවුන් පවසන්නේ මේ අර්ශස් ගෙඩි සැත්කමකින් ඉවත් කළ යුතු බවයි. නමුත් ආයුර්වේදයේ මේ සදහා ප්‍රතිකර්ම තිබෙනවා.
බොහෝ විට අර්ශස් රෝගය ඇතිවන්නේ දිගින් දිගටම අතිවන මළබද්ධය නිසායි. ජීර්ණය අපහසුවන ආහාර, තිම ආහාර, රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර, බඩ වියලවන ආහාර, උෂ්ණාධික ආහාර යන දේවල් දිගින් දිගටම ගැනීම නිසා මළබද්ධය ඇතිවනවා. මේ මළබද්ධය දිගින් දිගටම පැවතීම නිසා අර්ශස් තත්වය හටගන්න පුලුවන්. එසේම සමහර බෙහෙත් වර්ග නිසාත් දිගටම එකම පුටුවකට වී වාඩිවී සිටීම නිසාත් මේ තත්වය ඇතිවනවා.
හැකි තරම් ඇග සිසිල් කිරීමත්, කෙදි බහුල ආහාර ගැනීමත්, හැකිතරම් ජලය පානය කිරීමත් නිසි ලෙස වැසිකිළි යාමත් මානසික පීඩනයකින් තොරව නිස්කලංක ජීවිතයක් ගතකිරීමත් අර්ශස් වලට ඉතාම යොග්‍ය වෙනවා.
පහත සදහන් කරන ඔසුව අර්ශස් සදහා ප්‍රත්‍යක්ශ ඔසුවක්. මේ ඔසුව අර්ශස් ගෙඩි සනීපවී වියලී යනතුරුම පාවිච්චියට ගන්න.
අර්ශස් සුවකරන බෙහෙත සදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
- ලුනුවිල කොළ සහ දඩු අඩු කෝප්ප 1 ක්
- තල තෙල් මේස හැදි 2 ක්
- කපු රෙදි කැබැල්ලක්
සාදාගන්නා ආකාරය සහ පාවිච්චිකරන ආකාරය
- ලුනුවිල හොදින් වංගෙඩියක කොටාගන්න. තරමක් කැබලි සිටින සේ කොටාගන්න.
- දැන් පිරිසිදු තාච්චියක් ගෙන එයට අඹරාගත් ලුනුවිල සහ තල තෙල් දමන්න. ඉතාම මද ගින්නේ තල තෙලෙන් ලුනුවිල ටික මලවාගන්න. එයට විනාඩි 12 ක් යනවා. ඉතාම මද ගින්නෙන් එය කල යුතුයි.
- දැන් මේ ලුනුවිල තලතෙල් මැල්ලුම නිවාගන්න.
- නින්දට යාමට පෙර මේ ලුනුවිල ටික අර්ශස් ගෙඩි තැනත් ඒ අවටත් හොදින් තවරන්න. පසුව එයට උඩින් කපු රෙදි කැබැල්ල තබන්න.
- හොද හිර යට ඇදුමක් අදින්න. එහෙමම නින්දට යන්න. උදෑසනදී පොට්ටනිය වියලී තිබේවි. එය ඉවත් කරන්න. මද උණුසුම් ජලයෙන් සෝදන්න.
- මේ ප්‍රතිකාරය දිනපතා සති 2ක් කරන්න. අර්ශස් ගෙඩි වියලී සදහටම සුවයක් දැනේවි.
උපුටා ගැනීමකි.
(උපදෙස් ආයුර්වේද වෛද්‍ය කවීතා ගෝපාලන් ශ්‍යාමාලා)

No comments:
Post a Comment