ලෝකයේ ආහාර සහ පෝෂණය පිළිබද විශේෂයෙන් පර්යේෂණ කරන වෛද්‍යවරුන් විසින් මෑතකදී ඔවුන්ගේ ආහාර වර්ගීකරණ ලෑස්තුවට එක් විශේෂිත ධාන්‍ය වර්ගයක් නම් කළා. ඒ තමයි මුං ඇට. මුං ඇට කොහොමද මේ සුපිරි ආහාර ලෑස්තුවට එකතුවුණේ ර්කහොමද? මේ දේ අද බටහිර රටවල් විශ්වාස කලත් අපි විශ්වාස නොකරන එකයි ප්රශ්නය. අපි උදේට කන මේ තම්බපු මුං ඇට කෝප්පය අපි හිතන් හිටියෙනෑ මේ තරම් විශේෂයි කියල. නමුත් පර්යේශණ වාර්තා රැසකින් ඔප්පු කරල තියෙනවා ලෝකයේ වටිනාම ආහාර 100 අතර මුං ඇට හෙවත් Green Gram තියෙනව කියල.
ඇයි මුං ඇට සුපිරි ආහාරයක් වුනේ?
ලෝක ජනගහනයෙන් 80% ක් නීරෝගී මළපහ පිටවීමක් සිදුවෙන්නේ නැහැ. නීරෝගී මළපහ පිටවීමක් කියන්නේ හොද ප්‍රමාණයෙන් වැඩි විශ්වාස කළ හැකි ප්‍රමාණයකින් මළ පිටවීමයි. ඒ කියන්නේ සරලව මළ ප්‍රමාණයක් පිටවීමයි. වෛද්‍යය විද්‍යාවේදී මෙයට කියන්නේ Bulk Stool කියලයි. කෙනෙක්ට මේ ආකාරයේ හොද මළ පිටවීමක් ඇති නොවෙන්නේ කෙදි සහිත ආහාර නොගැනීම නිසයි. මුං ඇට අසාමාන්‍ය ලෙස කෙදි සහිත ආහාරයක්. එමනිසා අර්ශස් රෝග වලට නොවරදින බෙහෙතක් ලෙස මුං ඇට ඔවුන් හදුනාගෙන තිබෙනවා.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශරීර උෂ්ණත්වය කියා දෙයක් විශ්වාස කරනවා. සරලවම කිවුවොත් ඇගේ ගිනියම. මේ ශරීරයේ උෂ්ණත්වය එහෙමත් නැත්නම් බොඩි හීට් එක කාන්තාවන්ට දරුවන් නොමැතිවීමට බලපානව. කාන්තාවකගේ සරු භාවයට ශරීර උෂ්ණත්වය බලපාන බව බටහිර වෛද්‍ය විද්‍යවේ විශ්වාස කරන්නේ නැහැ. නමුත් ආයුර්වේදයේ පවසන පරිදි කාන්තාවකගේ ශරීරයේ උෂ්ණත්වය පැලෝපීය නාලය තුළ දරුවකු බිහිවීමේ ක්‍රියාවලියට හෙවත් කලළය ස්ංසේචනය වීමට බාධාවක්. එම බාධාව නැති කිරීමට නම් කාන්තාවකගේ ගර්භාෂය ආශ්රිත කලාපය සිසිල් කළ යුතුයි. ඒ සදහා ආයුර්වේදය රහස් වට්ටෝරු රැසක් පාවිච්චි කළා. ඉන් ප්‍රධානම දෙයක් වුණේ මුං ඇට සහ මුං ඇට තැම්බූ වතුරයි.
තවද ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ සමේ ඇති බටර් මිල්ක් පැහැයට ලොකුම රහස වී ඇත්තේ ඔවුන් ආහාරයට ගන්නා මුං ඇට බව අනාවරණය වුණා. සමට ස්වභාවික දීප්තියක් ලබා දෙන්නට මුං ඇට වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා.
හිසකෙස් සහ ශරීරයේ උෂ්ණත්වය අතර ලොකු සම්බන්දයක් තියෙනවා. අකාලයේ හිසකෙස් ගැලවීයන බොහෝ කාන්තාවන්ගේ ශරීරය අධික ලෙස උණුසුම්. ලෝකයේ හිසකෙස් සදහා හොදම සත්කාර ඇත්තේ කේරලයේය. ඔවින් මේ සදහා පාවිච්චි කරන්නේ පිරිසිදු පොල්තෙල්. නමුත් මේ සුදු පොල්තෙල් සත්කාරය කිරීමට පෙර මාසයක් උදේට උදේට මුං ඇට තැම්බූ වතුර බීමට ගන්නවා. ශරීරය සිසිල් නොකර හිසකෙස් වලට සත්කාර කළ නොහැකි බවයි ආයුර්වේදයේ පවසන්නේ.
මේ හැම දෙයක් නිසාමත් මුං ඇට වගේම මුං ඇට තැම්බූ වතුර දිනපතා පානය සුදුසුයි. නමුත් ශරීරයේ සෙම් බහුල අයට සතියකට වතාවක්වත් එය පානය කළ හැකියි.
මුං ඇට හුණ්ඩු 1 ක් පුරා රැයක් පෙගෙන්නට දමන්න. පසුදා එම වතුර පෙරා නොගෙන තම්බන්න. තවත් වතුර කෝප්පයක් එයට එකතු කරන්න. සුදුලූනු බික් 2ක් සහ ලුණු ස්වල්පයක් දමන්න. හොදින් තම්බුණු පසුව වතුර ටික වෙනම පෙරාගන්න. මද උණුසුම් පිටම පානය කරන්න. තම්බපු මුං ඇට ටික ආහාරයට ගන්න.
හැකි සෑමවිටම මුං ඇට ආහාරයට එකතුකර ගන්න.

No comments:
Post a Comment