"කිසිම වැඩක් කරන්න පණක් නෑ... නැගිටගන්න බෑ... ඇවිදගෙන අඩි තුන හතරක් යාගන්න බෑ. හරියට අවුරුදු හැත්තෑවක මහල්ලෙක් වගේ. වෙලාවකට හිතෙනවා දරුණු ලෙඩක්ද කියලත්. කිසිම වැඩක් කරගන්න හිතක් නෑ. ටිකක් වැඩකරනකොට මහන්සියි... උදේට නැගිටගන්න බෑ...පැයක් යනවා ඇදෙන් නැගිටින්න.. අඩි දහයක් ඇවිදිනකොට හතිය වගේ..මෙච්චර අඩපණ වුනේ කොහොමද...විටමින් සිරප් නම් කීයක් බිව්වද..ගුණයක් නෑ..."
මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද?? එසේනම් මෙන්න විශ්මිත ආහාරයක්. බෙහෙතක්. දිව ඔසුවක්. පුරාණ රජවරුන් පවා පාවිච්චි කළ ශක්තිජනක තිරිහන් ආහාරයක් වූ මෙය දිනපතා උදේට බොන්න. සතියක් දෙකක් මේ ඔසුව පානය කරන්න. ඔබටම අදහාගත නොහැකි ලෙස ඔබ පණ ගහලා ඒවි.
නව යොවුන් තරුණියක තරුණයෙකු මෙන් ශක්තියක් ඔබට ලැබේවි. ශරීරයේ ශක්තිය හීනවෙන්නේ අපේ ශරීරයේ ඇති "චක්‍රාස්" වශයෙන් හදුන්වන ශක්තිය උපද්දවන මූලයන්ගේ දුර්වලතාවයන් නිසයි. මේ පානය ඒ චක්‍රාස් වල ක්‍රියාකාරිත්වය යළිත් පණගන්වන දිව ඔසුවක්. දිනපතා හිස් බඩ මේ පානය හදාගෙන බොන්න. මේ පානය කළ පසුව පැයක් යනතුරු කිසිම ආහාරයක් පානයක් ගන්න එපා.
පුරාණ වට්ටෝරුව සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කෝප්ප 2ක් සමග දියේ දමාගත් බාර්ලි කෝප්ප තුන්කාලක්
- එළකිරි කෝප්පයක්
- මීපැණි මේස හැදි 2 ක්
- රට ඉදි ගෙඩි 2 ක්
- ගිතෙල් තේ හැදි 1 ක්
සාදාගන්නා ආකාරය හා පාවිච්චි කරන ආකාරය
- දියේ දමාගත් බාර්ලි එම වතුරත් සමග පිරිසිදු සාස්පානකට දමා තැම්බෙන්න තබන්න.
- බාර්ලි තැම්බුණු පසුව එය හොදින් හැදෙන් පොඩිකර පසුව බාර්ලි වතුර පෙරාගන්න. පෙරාගත් බාර්ලි වතුර ටික යළිත් සාස්පානටම දමන්න. ( ඇට ඉවත්කර )
- එය රත්වෙද්දී එයට එළකිරි ටික දමන්න. මදගින්නේ රත්කරන්න.
- දැන් එයට ගිතෙල් සහ මීපැණි ටික දමන්න.තවත් විනාඩියක් පමණ රත්කර බාගන්න.
- දැන් එය ලොකු මග් එකකට දමාගන්න.
- දැන් මේ පානය මද රස්නය පිටින්ම රට ඉදි 2ක් සමග බොන්න. උදෑසන 7ට පෙර මෙය පානය කරන්න.
- ඉන්පසු උදේ 9 වනතුරු කිසිම ආහාරයක් ගන්න එපා.
- දිනපතා පානය කරන්න. ශරීරයට අලුත් පණක් ලැබී, ශරීරය අලුතින පාට වැටී, දෑස් පෙනීම වැඩිවී නව යොවුන් පිරිපුන් ජීවිතයක් ඔබට ලැබේවි.
උපදෙස්
කේරළ ආයුර්වේද වෛද්‍ය
කවීතා ගෝපාලන් ශ්‍යාමාලා විසිනි.
උපුටා ගැනීමකි.

No comments:
Post a Comment