ගර්භාෂයේ ගෙඩි අද බොහෝ කාන්තාවන්ට ඇතිවන රෝගී තත්වයක්. මේ හේතුවෙන් දරුඵල පවා ප්‍රමාදවූ කාන්තාවන් බොහෝමයි. මේ ලිපිය කාන්තාවන්ට ගොඩාක් වැදගත්වේවි. (ආයුර්වේද පුවත්පතක පලවූ ලිපියක් ඇසුරින්)
ගර්භාෂයේ සෑදෙන්නාවූ ගෙඩි විවිධාකාරය. ප්‍රධාන ලෙස ප්‍රභේද 2 ක් පවතී.
1. අහිංසක අර්බුද
2. හිංසක අර්බුද(ඝාතක අර්බුද ) ලෙසටය.
සුත්රාර්බුද ( ෆයිබ්‍රොයිඩ්ස් )
මෙය ඉන්නන් වැනි ගැටිති විශේෂයකි. හැඩයෙන් වටකුරු හා තද ගතියෙන් යුක්තයි. පැහැයෙන් ලාරෝස පාටය. මෘදු මාංශ පටක මාංශ කෙදි එක්වීමෙන් සෑදෙන මෙම ගැටිති හිංසාවක් සිදු නොකරයි. 10% පමණ ස්ත්‍රීන් කෙරෙහි මෙම රෝග අවස්තාව දක්නට ලැබේ. අවිවාහක කාන්තාවන් කෙරෙහි මෙම රෝග අවස්ථාව බහුලව දක්නට ලැබෙන බව සදහන් වේ. ගර්භාෂයේ, ගර්භාෂ ග්රීවයේ හා ගර්භාෂයට සම්බන්ධ බන්ධන වලද සෑදී මුත්‍ර මාර්ගයේ හා මළ මාර්ගයේ අවරෝධ ඇති කිරීම සිදුකරයි.
ඇතිවීමට හේතු
මෙම අර්බුද ඇතිවීමට හේතුව මෙතෙක් සොයා ගෙන නැත. උපතින්ම ගැහැනු දරුවෙකුගේ ඉතා සියුම් සූත්‍ර අර්බුද රාශියක් ගර්භාෂයේ තිබිය හැක. එහෙත් ඒවායින් කිසිදු හානියක් සිදුනොවේ. ඒවා වර්ධනය වන්නේ වැඩිවියට පැමිණීමෙන් පසුවයි. කෙසේ වුවද රුධිරයේ ඊස්ට්‍රජන් හෝමෝනය අධික වීමෙන් සූත්‍ර අර්බුද වර්ධනය වන බව සොයාගෙන ඇත. මෙම සූත්‍රාර්බුද වලට රුධිරය සැපයෙන කුඩා කේශිකා සකස් වීමන් වැඩීමට අවකාශය ඇත. මේ නිසා විවිධ ප්‍රමාණයන්ගෙන් ගැටිති දක්නට ඇත. මෙම සෑම අර්බුදයකම ඇති විශේෂත්වය වන්නේ නටුවක් සහිත වීමය. ඇතැම්විට නටුව ගර්භාෂ කලාවට සවිවී අර්බුදය යෝනි මගට පවා වැඩී පවතිනු දක්නට ඇත.
සූත්‍රාර්බුද ලක්ෂණ
අර්බුද පිහිටි ආකාරය අනුව පහල වන ලක්ෂණ විවිධාකාර වේ.
- * වේදනාව
- * බඩපුරවා දැමීම
- * අධික රුධිර වහනය
- * ඔසප් ශුලය
- * ශ්වේත ප්‍රදරය හෝ එවැනි ස්‍රාව වැගිරීම.
- * රක්ත ප්‍රදරය
- * ගැබ්ගෙලෙහි පවතින අර්බුද අවස්ථාවකදී යෝනි මගින් ස්‍රාවයක් පැවතීම.
- * යෝනි මගින් ලේ වහනය.
- * එකතුවීමේදී වේදනාව හා වදභාවයට පත්වීම.
අර්බුදය ක්‍රමයෙන් විශාල වූ විට මුත්‍රා කිරීමේ අපහසුව ආදී ලක්ෂණ පෙන්නුම් කරයි.
ගර්භනී අවස්ථාවේ පසුවන කාන්තාවන්ගේ මෙවැනි අර්බුද පවතින විට ප්‍රසූති අවස්ථාවේදී අර්බුදය නිසා මාර්ගය පටු වීමෙන් දරුවා බිහිකිරීමේ දුෂ්කරතා ඇතිවේ. එසේම ප්රසවයේදී අනියම් කොටස් ප්රමුඛවීම (සාමාන්‍යයෙන් හිස ප්රමුඛ වේ. මෙහිදී නිකට, නලල, උරහිස,පාද, තට්ටම් වැනි කොටස් ප්රමුඛ වේ.) අඩු මසින් බිහිවීම, හිස වස්ති කෝෂයට ඇතුල් නොවීම ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. බොහෝවිට අවු. 30 - 40 ත් අතර කාලයේදී කාන්තාවන් මෙම රෝගයෙන් පෙලෙනු දක්නට ලැබේ. මෙහිදී ඇති වන පොදු ලක්ෂණය ඔසප් වීමේදී රුධිරය අධිකව වහනය වීමයි. ගර්භාෂය ඇතුල හා යෝනි මාර්ගය ආශ්‍රිතව මෙවැනි රොග ලක්ෂණ පහලවන වෙනත් රෝග පවතී. එබැවින් මෙම රෝග වලින් වෙන්කර හදුනා ගැනීමට හැකියාව තිබිය යුතුය.
ගර්භාෂය ඇතුලත හා යෝනි මාර්ගය ආශ්රිත මෙවැනි රෝග ලක්ෂණ පහලවන වෙනත් රෝග පවතී. ඔසප් වීමේදී සාමාන්‍ය ලෙඩ රුධිරය වහනය වීම, තුනටියේ හා පාදවල වේදනාව, මතුපිටින් දක්නට ලැබෙන ඉදිමුම එක හා සමානව දක්නට ලැබෙන ලක්ෂණයන් ය.
- උදරය විශාල වීම
- ගර්භනීභාවය
- වෙනත් ගර්භාෂ ගත අර්බුද වර්ග
උදාරවරණ කලාවේ වතුර පිරීම ආදී නොයෙකුත් රෝග වලදී උදරය විශාල වේ.
ගර්භාෂයේ රෝග බොහෝමයක් ඇතිවන වයස් සීමාව අවු 30 - 40 ත් අතර කාලය බවත් අවිවාහක අයට වුවද එම වයස් සීමාව බලපාන බවත් වටහා ගත යුතුයි. දරුවන් කිහිපයක් බිහි කල මව්වරුන්ට වුවද මෙවන් රෝගයන් ඇතිවිය හැකිය.
මූලික ලක්ෂණ
යෝනි මාර්ගයෙන් පිටවන ලා කහ පැහැති හෝ දුඹුරු වර්ණ හෝ නොඑසේනම් නොයෙක් වර්ණ වලින් ඇතිවන ස්රාවයන් සහ වරින්වර ඇති වන රුධිර ස්රාවයන් පරික්ෂාවට භාජනය කල යුතුය.
උපද්‍රව
රෝගයේ උපද්‍රව ලෙස පිළිකා රෝගය ඇතිවිය හැකිය. එසේ වන්නේ නිසි ප්‍රතිකාර නොලැබ රෝගය කල්ගත අවස්ථාවට පත් වූ විටදීය. අධික වශයෙන් රුධිරය පහවීම නිසා ශරීරයේ ලේ හිග වීමෙන් පාණ්ඩු තත්ත්වයක්ද ඇතිවේ.
ප්‍රතිකාර
ප්‍රතිකාරය යෙදීමට වන්නේ රෝග ලක්ෂණ, අර්බුදයේ ප්‍රමාණය, පිහිටි ස්ථානය, රෝගියාගේ වයස, විවාහක අවිවාහක තත්ත්වය යන මේවා විමසා බැලීමෙන් පසුවයි.
එහෙයින් මුලින්ම රෝගය හදුනාගන්නෙ සුදුසු ප්‍රතිකාර සදහා යොමුවීම වඩාත් සුදුසුයි.

No comments:
Post a Comment