පැරණි වෙදදුරන් කියන විදිහට කටරොළු කියන්නෙ ලෙඩ ගොඩකට දෙවි කෙනෙක්. කටරොළු වර්ග 2ක් සදහන්ව ඇත .නමිත් එම කුලයෙ තවත් කට රොළු වර්ග තිබිය හැක.
1. නිල් කටරොළු
2. සුදු කටරොළු
අද මං කියලා දෙන්න යන්නෙ නිල් කටරොළු ශාකය ගැන. නිල් කටරොළු මලෙන් හදන තේ එක ගැන.. ඒකට කලින් මේ මල ගැන චූටි විස්තරයක් අහලා ඉන්නකෝ..
ඉන්දියාව, බුරුමය,තායිලන්තය වගේ රටවල් ගොඩක් ප්‍රසිද්ධ ශාකයක් තමා කටරොළු කියන්නේ..බුරුමයේ කටරොළු මල් බැදලා පපඩම් වගේ ආහාරයට ගන්නවා.
ඒ වගේම පිටරට බොහොම ප්‍රසිද්ධයි මේ කටරොළු මල් තේ එක.. පාවිච්චිය පහසු කරන්න වේලලා කුඩු කරපු කටරොළු මල් කුඩු කරලා පැකට් වශයෙන් වෙලදපොලේ තියෙනවා.. Google කරලා බලන්නකෝ.. දකින්න පුලුවන්.. ඒ විතරක් නෙමෙයි මේ මලේ වර්ණය කෑම වලට එකතු කරලා කෑම ලස්සන කරන්නත් පාවිච්චි කරනවා..
මේ ගහේ මුල්,මල්, කොල,පොතු,ඇට මේ ඔක්කොම ලෙඩරෝග වලට පාවිච්චි කරනවා.
🍄ශරීරයේ කුශ්ට නැති කරලා තුවාල සුව කරන්න..
🍄කැස්ස,ඇදුම,හෙම්බිරිස්සාව,ඔලුවේ කැක්කුම් ඇතුලු සෙම් රෝග සුව කරන්න.
🍄මානසික ආතතිය නැති කරන්න.
🍄ස්ත්‍රී පුරුෂ වදභාවය නැති කරන්න.
🍄අර්ශස් සුව කරන්න.
🍄ආහාර මාර්ග පද්ධතියේ යහපතට.
🍄මුඛ ආශ්‍රිත රෝග නැති කරන්න.
ඇතුලු තවත් රෝග රැසකට මේ කටරොළු ශාකයේ මුල්, මල්, කොල, පොතු, ඇට කසාය, තලප විදිහට යොදාගන්නවා..
මේ මං ඔයාලට කිව්වේ බොහොම පොඩ්ඩක්. අපි ඉතිං අද කතා කරන්න යන්නේ කටරොළු මල් තේ ගැන නිසා ඒ ගැන කියන්නම්..අපි බලමුකෝ මේ තේ එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා..
🌺මොලයේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස ඉහල නැංවිම.
🌺 පිලිකා මර්දනය කිරීම හා සටන් කිරීම.
🌺සිරුරේ ඌශ්නත්වය පාලනය කිරීම.
🌺අධි රුධිර පීඩනය පහල දැමීම.
🌺සම ඉතා හොදින් පැහැපත් වීම හා තරුණ පෙනුමක් ඇති කිරීම.
🌺නිරෝගීමත් කෙස් කලඹක් සදහා
🌺 සෙම් රෝග සදහා
🌺ආමාශගත රෝග/කුසගිනි ඇති කිරීම.1 හා ආහාර ජීරණය සදහා
🌺මානසික ආතතිය (විශාදිය වැනි රෝග සදහා)
🌺දියවැඩියාව සදහා
🌺මිග්‍රේන් වැනි ඔලුවේ කැක්කුම් සදහා
නිල්කටරොළු තේ හදා ගන්නා අයුරු පහතින් සදහන් කරන්නම් .👇👇👇👇
විශේෂයෙන්ම නිල්කටරොළු මුල් වල තමයි වැඩිම ගුණයක් තිබෙන්නෙ (රෝග විශාල ප්‍රමානයක් සදහා
ඒ වගෙම තමයි ඇතැම් රටවලට නිල්කරොළු ලපටි කරල් අාහාරය ගන්නවා ඉන්දුනීසියාව ඉංදියාව වගෙ රටවල නිල්කටරොළු මල් පපඩම් වගෙ බැඳලා ආහාරයට ගන්නවා කියලත් සදහන් වෙනවා ( අන්තර්ජාලය තුල)බලන්න.එය මා ඉහතත් සදහන් කලා.
දැන් මම කියන්න යන්නෙ ගෙදරදි ශරිරයට ගුණදෙන පුංචි අාහාර කිහිපයක් පිලියෙල කර ගන්නෙ කොහොම කියලා නිල්කටරොළු යොදාගෙන
මේ සදහා යෝදා ගන්නෙ නිල් කටරොළු මල් තමයි
🙏🌺 නිල්කට රොළු තේ 🌺🙏
ඔබට පුළුවන් තේ වෙනුවට නිල්කටරොළු පානයක් විදිහට පාවිච්චි කරන්න උනුවතුර විදුරුවකට පිරිසිදු නිල්කටරොළු මල් 4/5ක් යොදා ගැනිම මගින් ලස්සන රසවත් වගෙම ගුණවත් තේ පානයක් හදාගන්න පුළුවන් දෙහි ඇඹුල් සහ සිනි ලුණු අවශ්‍ය පරිදි යොදා ගන්න
🙏🌺 නිල්කට රොළු බිම 🌺🙏
ඒ වගේම බීම එකක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන් .ඕණිම පලතුරු වර්ගයක් නිල්කට රොළු මල් වතුර යොදා ගෙන සකසන්න. අවශ්‍ය නිල් පාට ගැණිමට උවමනා මල් වර්ග ප්‍රමානය යොදා ගන්න.
තවද නිල්කටරොළු මල්වතුරට දෙහි හෝ දොඩම් යොදා ලුණු සිනි අවශ්‍ය ප්‍රමානයට යොදා ශීතකරණයේ තබා පානය කරන්න.
දෙහි බිංදු කිහිපයක් යෙදුවහොත් ඔබට නිල්කටරොළු පානය දම්පාට කරගැනිමටත් හැකියාවක් තිබේනවා.
🌺නිල්කට රොළු කියන්නේ පිළිකා නාශක ඖෂධයකි . එයා අහාරයට ගත්පසු ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..ඉහත සුව ලබන රෝග සමහරක් සදහන් කොට ඇත.
🌺නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය 🌺
ගෙවත්තෙන් නෙලාගෙන මදක් මද අවුවේ හොදින් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ.
අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....
සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි.
කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි.
ඒ වගේම කටරොළු මුල් වියලා හොදින් දුම ඇල්ලුවොත් සෙම රෝග . මහන්සිය සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.
ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා.
ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා.
තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්.
ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි.
ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි.
කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.
ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්.
🌺නිල්කට රොළු ඉදි ආප්ප හො නූඩ්ලස්🌺
ගෙදරදි ඔබ හදන විවිධ කැම අතර ඉදි ආප්ප හො නූඩ්ල්ස් හදන විට ඉදිආප්පයි හදන වෙලාවට ඉදිආප්ප පිටි ඇනිම සදහා උණුවතුර යොදා ගන්න වෙලාවට නිල්කටරොළු මල් මගින් එ වතුර එක නිල් පැහැය කරගන්න ඔබට නිල් පැහැති ඉදිආප්ප සාදාගැනිම එහිදි හරකියාව ලැබෙනවා . නුල්ඩස් වලටටද ඒ අයුරින් යොදා ගන්න .එ වගෙම එහි ගුණයත් ඉහලයි තව පුංචි දරුවන් වෙනදට වඩා අනිවාර්යයෙන්ම ආහාර අනුභව කරයි ලස්සන නිසා
එ වගෙම තමයි ඔබට පුළුවන් නිල්කටරොළු වියලා කුඩු කරගන්න (පවුඩර් එකක් විදිහට හදා ගන්න) එයින් ඔබට නොයෙක් කැම රසවත් සහ වර්ණවත් කර ගැනිමට යොද ගන්න පුලුවන් .
එම පව්ඩර් එක් එක් ආහාර සදහා යොදැ ගැනිමට හැකියාව ලැබෙනවා එ පවුඩර් රස වගෙම වර්ණයත් ගුණයත් ලැබෙනවා මොකද කෘතිම වර්ණක නොවෙන නිසා.
විවිධ රටවල ඉතා ඉහල මිල ගනන් වලට නිල්කටරොළු පවුඩර් විකිනිමට තිබෙනවා
ඉතින් ඔබේ ගෙවත්තෙ තිබෙන යම් යම් ගස් වැල් ගැන එවගෙ තියෙන ඖෂධීය ගුණ ගැන ඔබ නොදන්නවා වෙන්නට පුළුවන් එ ගැන පුංචිහෝ දැනුමක් දෙන්නට තමයි මෙවැනි ලිපියක් මගින් මම උත්සහ කරන්නෙ (යම් යම් වැරදි අඩුපාඩු තිබෙන්නට පුළුවන්)
නිල්කට රොළු වල ගුණ නම් අසිමිතය .සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත ඔසුවකි. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සංහිතාව, සුශ්‍රැතය සංහිතාව, අෂ්ඨාංගහෘද සංහිතාව වැනි ග්‍රන්ථ වලත් බුද්ධදාස රජු විසින් රචිත සාරාර්ථ සංග්‍රහයෙත් මේ කටරොළු ඖෂධය ගැන සඳහන් වෙනවා.
ඇත්තටම කටරොළු කියන්නේ පූජා කරන්න ගන්න මල් වර්ගයක් විතරක්ම නෙවෙයි. හොඳ ඖෂධයක්.
ඔබ ආහාර ලෙස පෝෂදායි ආහාර ගැනිම තුලින් ඔබට සතුටින් සිටිය හැක නැතිනම් මතු දිනයකදි ඔබට ඖෂධ ආහාර ලෙස ගැනිමට අනිවාර්යයෙන්ම සිදුවනවා නොවනු මානය.
ඔබ මෙතෙක් නොදැන් සිටි මේ ඖෂධය අද සිට බාවිතයට ගන්න .එයින් නොසිතනා ප්‍රතිඵලයන් ලැබෙනු ඇත. හැමෝටම මෙය බෙදා හරින්න .
එමෙන්ම යාළුවන්ටත් දැන් ගැනිම සදහා මෙය share karanna
උපුටා ගැනීමකි....