Saturday, December 14, 2019

නිතරම වැලදෙන සෙම්ප්‍රතිශ්‍යාව



වත්මන් සමාජයේ සෙම් රෝගවලින් පීඩා විදින්නෝ අපමණය. මෙසේ සෙම් රෝග ඇති වීමට මුල් වන කරුණු අතර බාහිරින් ශරීරගත වන විෂබීජ වර්ග නිසා සෙම නරක් වීම එක් හේතුවක් වන අතර, ශරීර අභ්‍යන්තරයේම ඇති වන දෝෂ දුශ්‍යතා ඇතුලු නොයෙක් විෂමතා ද ප්‍රධාන කාරණා වශයෙන් සැලකේ. ශරීර අභ්‍යන්තරයට බාහිරින් ඇතිවන ඇතුළු වන විෂ අණු සහ ශරීර අභ්‍යන්තරයේම හටගන්නා විෂ වර්ග වලට විරුද්ධව සෙම සටන් කරයි. සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණත් එසේ මාරන්තික විෂකි. නමුත් දින කීපයක් හෝ ඇතුලත සෙම ප්‍රකෝප වී සටක් කර එම විෂ මැඩ හෙළීමේ ප්‍රතිශක්තිජනක හැකියාවක් සෙම් ධාතුවේ පවතී.

මෙසේ මැරුණු විෂ සෛල සහ ශ්ලේශ්මල පටල දූෂිත පරිසර ආශ්‍රයෙන් ශරීර ගත වන වෙනත් ආගන්තුක බාහිර විෂමතාද සම්මිශ්‍රව තව දුරටත් නරක් වූ විෂ සහිත දියර සෙම ස්පර්ශ වීම හේතුකොට නාසා ග්‍රන්ථි ඉදිමීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, දාහය, කිවිසුම් යාමෙන් ඇතිවන පීඩනය නිසා කර්ණනාල ගතවන දියර සෙම නරක් වීම නිසා හට ගන්නා කර්ණශූල, කන්වලින් සැරව ගැලීම, දුර්ගන්ධය, සොටු දිය ගැලීම. ඇස් රතු වී කබ කදුළු ගැලීම, උගුර රිදීම, කැසීම, වේගවත් නාඩිය, උණ, මන්දාග්නිය සහ තවත් උර්ධවගත, උභයගත උපද්‍රව රාශියක් ඇති කරන ප්‍රතිශ්‍යාව ඉතා අනතුරුදායක රෝග අවස්ථාවකි.

සෙම් ප්‍රතිශ්‍යාව වැළදී විට සෙම පැසවා නිසි පරිදි ඒවා ඉවත්ව යන තුරු ස්නානය යෝග්‍ය නොවේ. වෛරසයට විරුද්ධ ශාරීරික ප්‍රතිශක්ති වර්ධනය සදහා අමු ඉගුරු, කොත්තමල්ලි තම්බා කීප වරක් බීම සුදුසුයි. සෙම් කෝපය වැඩිනම් කොත්තමල්ලි බැද පියලි කර 20g, වියළි ඉගුරු 15g, මදක් තලා වතුර පත අට එකට සිද පෙරා උදේ සවස දෙවේලට පානය කළ යුතුය. ඊටම නවරත්න කල්කය මදටිය ඇට 1- 2 ප්‍රමාණයට දියකර බොන්න. සෙම සමනයවේ.

ප්‍රතිශ්‍යාව සමග උණ ඇතිවීම බොහෝ විට සිදුවේ. එවැනි අවස්ථා වල උණ සහ සෙම් ප්‍රතිශ්‍යාව යන ද්‍ර්කම මැඩපැවැත්වීමට ප්‍රතිකාර යෙදිය යුතුයි. ප්‍රතිශ්‍යා උණෙහි දී පළමුවෙන්ම වියළි ඉගුරු, කොත්තමල්ලි, වියළි තිප්පිලි කරල් සුදුසු අනුපාතයට ගෙන මදක් කබලේ බැද මදක් තලාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් ලිප තබා උතුරන විට ඉහත බෙහෙත් මිශ්‍ර කර හැලිය වසා හොදින් තැම්බීමට හැර පසුව බීමට අවශ්‍ය ප්‍රමාණය අරං තබා නැවත වසා උතුරුවා හැලිය බිම තබා මුහුණට හොදින් දුම් වදින සේ දුම් හැලියට සෑහ්‍ර්න උසකින් නැමී සිට හිස සහ හැලිය වැසෙන සේ රෙද්දකින් වසා පොරවා මුහුණ පා සිට මුට්ටියේ දුම මුහුණට හොදින් ස්පර්ශ වන ආකාරයට ටික ටික පහත් වෙමින් මුහුණ බදුනට ලංකර දුම් අල්ලන්න.

මෙය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. විෂ අණු විනාශ කිරීම සදහා ආයුර්වේදයේ එන අගනා භෞතචිකිත්සා ක්‍රමයකි. මෙහෙ සදහන් සියලු ප්‍රතිකාර කුඩා දරුවන්ට කිරීමේදී වෛද්‍ය උපදෙස් නිමැතිව නොකල යුතුයි. එසේ ආරක්ෂාව සහිතව වෙදු පෑමෙන් පසු කළ යුත්තේ සෑදූ ඔසු පැන් කොටස සුදුසු පමණට කීප වරක් පානය කිරීමයි. අනුපානයට ගන්නේ සීනිය.

තවද දෙහි, දොඩම්, නාරං, යකිනාරං, පඹුරු ආදී පස් පැගිරි කොළ තම්බා දුම් ඇල්ලීම ද සෙම්ප්‍රතිශ්‍යාවට අගනා ප්‍රතිකාරයකි.



සම්මානලාභී විද්‍යාපති වෛද්‍ය කීර්ති පණ්ඩිත
ර. මු. ධර්මදාස රන්පත වෙද මහතා

උපුටා ගැනීමකි.

Tuesday, December 3, 2019

රෝග රැසකට ගුණදෙන කොළ කැද පානයක්....



අද ඔබට අප ලබා දෙන්නේ විශ්මිත කොළ කැද පානයක්. බොහෝමයක් ආයුර්වේද පොත පතේ ආමය හෙවත් නොදිරවූ ආහාරය රෝග රැසකට මුල් වන බවත් අර්ශස් රෝග සහ බඩවැල් රෝග ඇති වන්නේ ඒ නිසා බවත් දක්වා තිබෙනවා. ඒ සියල්ල සදහා මේ කොළ කැද පානය සුදුසුයි.

එය විශ්මිත ගුණ දෙන කොළ කැද පානයක් වනවා. වාතය නසනවා. අර්ශස් සුව කරනවා. කොලෙස්ට්‍රෝල් අවම කරනවා. දියවැඩියාව නසනවා. ශරීරය ප්‍රබෝධමත් කරනවා. හොදින් මළපහ පිටකරනවා. මූත්‍රා ආසාදනය නසනවා. වගේම ප්‍රතිජීවනය දෙනවා. මෙම පානය නම් කර තිබෙන්නේ ජීවානන්ද කොළ කැද පානය ලෙසයි.


කොළ කැද පානය සාදාගැනීමට අවශ්‍ය දේවල් 

  • නාඩු හාල් හුණ්ඩු බාගයක්
  • පොල් මිටක්
  • හීනටි හාල් මේස හැදි 1ක්
  • සුදුලූණු බික් 5ක්
  • පැණි ඔළිද ඇට කොළ මිටක්
  • කරපිංචා කොළ මිටක් 
  • හීන් බෝවිටියා කොළ මිටක් 
  • කොහිල දළු මිටක්
  • කරල් හැබ කොළ මිටක් 
  • මොණරකුඩුම්බිය කොළ මිටක් 
  • බීම සදහා හොද කිතුල් හකුරු කැබැල්ලක් 
සාදාගන්නා ආකාරය 
  • සියළුම කොළ වර්ග ලී වංගෙඩියක කොටා යුෂ ගන්න. බ්ලෙන්ඩරයට දමන්න එපා. පොල්ද එයටම දමා කොටා යුෂ ගන්න. වෙනම පොල් කිරි හදාගන්න එපා.
  • නාඩු හාල් ලිපේ තියන්න. තැම්බීගෙන එද්දී හීන්ටි හාල් යොදන්න.
  • එයට යන්තමට තලාගත් සුදුලූණු බික් ටිකත් දමන්න. මෙය නොදමා ඉන්න එපා එය දැමිය යුතුමයි.
  • දැන් කැද හැදීගෙන එද්දී එයට කොළ යුෂ ටික පෙරා දමන්න. හොදින් හැදි ගාන්න. 
  • කැද හැදුණු පසුව වීදුරු 2 කට දමාගන්න. එකක් ඔබ බොන්න. අනෙක ඔබ ආදරය කරන් කෙනෙකුට දෙන්න. ඒක දිව්‍ය පානයක්.
මෙය සෑම දිනකම පානය කරන්න. මෙය පානය කර පැය 3ක් යන තෙක් කිසිම ආහාරයක් ගන්න එපා. තේ එකක් වත් බොන්න එපා. පැය 3කට පසු සැහැල්ලු ආහාරයක් ගන්න.

උපුටා ගැනීමකි. 



Wednesday, November 27, 2019

විශ්මිත ශීර්ෂාලේපයක් ගෙදරදීම හදාගන්න.....



හිසරදය කියන්නේ බාල මහළු කොයි කාටත් නිතර හැද්‍ර්න ලෙඩක්. මේ සදහා මේ සදහා විවිධ බාම් වර්ග වෙළදපොලේ තිබෙනවා.  වාණිජ මට්ටමින් ආයුර්වේද බාම් වර්ග නිෂ්පාදනය කරනකොට ගුණාත්මක තත්වය ගැන හිතන්න ටිකක් අමාරුයි. එහෙමයි කියලා ආයුර්වේද ශීර්ෂාලේප වල ගුණය ගැන අඩු තක්සේරු කරන්න හොද නෑ. ආයුර්වේද කියන්නේ පුදුමාකාර ලෙස ස්වභාව ධර්මය මිනිසාගේ සුවයට සනීපයට යොදාගත් දුර්ලභ දැනුම් සම්භාරයක්.

අද ඔබට හදුන්වා දෙන්නේ අති විශ්මිත සුවයක් ගෙන දෙන විශ්මිත ආයුර්වේද බාම් එකක්. මේ ආයුර්වේද බාම් එක ඔබ හැදුවේ නැතත් මේ වට්ටෝරුව පරිස්සම් කරල තියාගන්න කවදහරි ඔබට වැදගත් වේවි.

මේ බාම් එකෙන් හිසරදය, ඉරුවාරදය සනීපවෙනවා පමණක්ම නොවෙයි. මානසික වශයෙන් ස්නායු ලිහිල් කරනවා. ඒ නිසාම මානසික පීඩනය අවම කරනවා. දෑස් පියාගෙන මේ සුවය ඔබට විදින්න පුළුවන්.

විශ්මිත ආයුර්වේද බාම් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය 

  1. ලැවෙන්ඩර් ඔයිල් මේස හැදි 2 ක් 
  2. කොහොඹ තෙල් මේස හැදි 2 ක් 
  3. තැඹිලි තෙල් මේස හැදි 1 ක් 
  4. වියලාගත් සමන් පිච්ච මල් 50 ක්
  5. කුරුදු තෙල් මේස හැදි 1 ක් 
  6. සුදු සදුන් තෙල් මේස හැදි 1 ක් 
  7. ඉගුරු ඉස්ම තේ හැදි 1 ක් 
  8. පැරපින් ඉටි හෝ මී ඉටි මේස හැදි 4 ක්
සාදාගන්නා ක්‍රමය
  • සාස්පානක් ලිප තියන්න. ඒකට වතුර කෝප්පයක් දමන්න. මේ සාස්පානට උඩින් තවත් සාස්පානක් තියන්න. යට සාස්පානෙන් එන හුමාලය වදින ලෙසයි එය තැබිය යුත්තේ. දැන් උඩින් තැබූ සාස්පානය පැරපින් ඉටි හෝ මී ඉටි දමාන්න. හොදින් දියවෙන්න දෙන්න. 
  • දැන් ලිපෙන් පිටතට ගෙන එයට සියළුම තෙල් වර්ගත්, ඉගුරු ඉස්මත්, වියලාගත් සමන් පිච්ච මල් ටිකත් දමන්න. හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් මේ මිශ්‍රණය ෆාමසියකින් ගත් පිරිසිදු බාම් බදුනක දමා තබන්න. ටික වේලාවකින් මේ මිශ්‍රණය ඝන වෙනවා.
  • ඉන්පසු පාවිච්චියට ගන්න.
සාමාන්‍ය බාම් එකක් ගාන ලෙසම ගාන්න පුළුවන්. ඉතාම සුවදැති මේ ආයුර්වේද බාම් වර්ගය අති දුර්ලභ එකක් බවත් එය සාමන්‍ය කඩෙන් ගන්නා බාම් වර්ග වලට වඩා සිය ගුණයක් ගුණදෙන ආලේපනයක් බවත් මතක තබාගන්න.

උපුටා ගැනීමකි.


Sunday, November 24, 2019

ගෙදරදීම දිය හැකි හොදම අත් බෙහෙත් කිහිපයක්....




  • හිසේ ඇතිවන ඉස්හොරි තුවාල වලට 
බීට් අලයක් ගෙන එය තලා ඉස්ම ගෙන හිසේ ගල්වා පැය බාගයකට පසු නාන්න. සතියකට දෙතුන් වරක් දිගටම මේ ලෙස කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය.

  • දරුවන්ගේ කිරිපණු ගායට
ඇත්තෝර කොළ දළු ස්වල්පයක් එරබදු කොළ ස්වල්පයක් ගොටුකොළ මිටක් සමග දමා සම්බෝලයක් සාදා බත් සමග කන්නට දෙන්න. දින කිහිපයක් කන්නට දෙද්දී කිරිපණුවන් හැලී කිරි පණු ගාය සුවවේ.

  • බඩගිනි නොඑන අයට
මුං ඇට තම්බා වතුර බොන්න. ඉන් බඩගිනි වැඩේ.

  • රාත්‍රියට නින්ද නොයන අයට
රෑ ආහාරයත් සමග රතුලූනු බික් තුන හතරක් අමුවෙන් කන්න. ටික වෙලාවකින් තද නිදිමත ගතියක් එයි.

  • මුඛ දුර්ගන්ධයට
කට ගද සමහර අයට ලොකු හිසරදයක්. කොතරම් දත් මැද්දත් කුමන දත් බෙහෙත් පාවිච්චි කළත් කට ගද නැතිවෙන්නේ නැති අවස්ථා තිබෙනවා. එහෙම අය නිතර නිතර කොත්තමල්ලි ඇට කිහිපයක් විකලා කන්න. දින තුන හතරක් මෙහෙම කරද්දී ඉබේම කටගද නැතිවෙනවා.

  • අධික මත්පැන් ගැනීම නිසා ඇතිවන මතට
කංකුං මිටක් ගෙන එය තලා ඉස්ම රැගෙන බොන්නට දෙන්න. ඉන් මත තුනී වී යයි. වමනය ඇති වුවද වමනය යාමෙන් පසු මත් ගතිය අඩුවේ.

  • නිතර නිතර පොල් සම්බෝල කනවා නම්
පොල් සම්බෝලයට දමන අධික පොල් ප්‍රමාණය නිසා පොල් සම්බෝලය සමහර අයට අගුණ වෙන්නට පුළුවන්. රෑට පොල් සම්බෝල කෑවම රාත්‍රීය පුරා බඩ බුරුල් කරල යන බවක් නිතර අසන්නට ලැබෙනවා. මේ පීඩාවෙන් මිදෙන්නට නම් සම්බෝල හදද්දී ගම්මිරිස් ඇට ටිකකුත් ඊටම තලා දමන්න. එවිට පොල් සම්බෝලයෙන් බඩ බුරුල් කරවන ආම ගතියක් ඇතිවෙන්නේ නැහැ.

  • ඔසප් දිගටම ප්‍රමාද නම්
සූදුරු තම්බා බොන්න. ඉක්මනින් ඔසප් වෙයි. ටික ටික ඔසප් වෙනවා නම් ඒත් සූදුරු බොන්න. එවිට කඩින් කඩ යාම නැවතී එක දිගට ඔසප් වීම සිදුවේ. සූදුරු සමග බෙහෙත් බඩු කඩයෙන් ගත හැකි සතුකුප්පා තම්බා බීමෙන් හොද ප්‍රතිඵල ලැබේ.

  • බඩේ කැක්කුම ඉක්මනින් දුරු කරලන්නට
කරාබු නැටි කිහිපයක් විකා ගිලින්න. ඔබ හිතනවාට වඩා ඉක්මනින් බඩේ අමාරුව සන්සිදේ.

  • දරුවන්ගේ මුවින් පිටවන පණු කෙල නතර කිරීමටයි 
කරාබුනැටි හොදින් තලා එය වතුර කෝප්පයක දමා පැයක් පමණ තබන්න. පසුව දරුවාට එය නින්දට පෙර බොන්න දෙන්න. පණු වමනය වලකී.

  • සමේ ඇතිවන බිබිලි හා වෙනත් ආසාධබ අඩුකර ගැනීමට
හැමදාම නාන්නට පැය බාගයකට පෙර පිරිසිදු පොල්තෙල් ටිකක් ගෙන ශරීරය පුරාම ගල්වා මෘදුව සම්බාහනය කරන්න. පොල්තෙල් වල ඇති විෂ නසන ගුණයත් ධාතු බලයත් සමට ලැබෙනවා. පැය බාගයකට පසු නාන්න. දිගටම කිරීමෙන් සම වයසට යාම වැලකේ.

  • සම ඉක්මනට වයසට යනවානම්
හොද මීපැණි බෝතලයක් සොයාගෙන දිනපතා නාන්නට පෙර මීපැණි තේ හැදි 2 ක් ගෙන ශරීරය පුරාම ගල්වන්න. විශේෂයෙන් අත්වල දෙපා වල සහ මුහුණේ ගල්වන්න. පැය බාගයකට පසු නාන්න. දිගටම කිරීමෙන් සම වයසට යාම වැලකේ.

  • පිරිමි ළමයින්ගේ අණ්ඩග්‍රන්ථිය ඉදිමීමට
යොවුන් වියට පැමිණි පිරිමි ළමුන්ගේ අණ්ඩග්‍රන්ථිය ඉදිමීම සුලභ දෙයක්. රෝගයක් නොවුනත් බොහෝ අය මේ තත්වයට බිය වෙනවා. එවැනි දිනවල එක දිගට වැල්පෙනෙල තම්බා බොන්න. නැත්නම් වැල්පෙනෙල කැද බොන්න. ඉදිමුම බැසයයි.

  • දරුඵල ප්‍රමාදද
බිරිද හා සැමියා යන දෙදෙනාම එක දිගට වැල්පෙනෙල කැද බොන්න. නිසරු ඵල සරු වේ.

උපුටා ගැනීමකි.

Friday, November 15, 2019

අක්‍රීය වූ ස්නායු වලට ජීවය දෙන විශ්මිත පානය....



අද ලිපිය වෙන්වන්නේ අක්‍රීය වී ගිය ස්නායු වලට යලිත් ජීවය ලබා දෙන විශ්මිත පානයක් ගැනයි. දියවැඩියාව, අධික කොලෙස්ට්‍රෝල්, බඩවැල් වල ඇතිවන ආසාදන, ගැස්ට්‍රයිටිස්, මළබද්ධය, හිසරදය, දැඩි මානසික පීඩනය, විශාදය, සාංකාව, දුක යනාදි කාරණා නිසා මේ වෙද්දී ඔබේ ස්නායු පද්ධතියට දැඩි හානිවී තිබෙන්නට පුලුවන්. විශේෂයෙන් දියවැඩියාව ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් විනාශ කරනවා. ඒ නිසාම කෙනෙක් ශාරීරික රෝගියෙක් වීමට පෙර මානසික රෝගියෙක් විය හැකියි.

යහපත් සිහියක් නොමැතිකම, අමතකවීම, සාංකාව, කාරණාවක් නොමැතිව තැවීම, පසුතැවීම, නින්ද නොයෑම, විකාර අදහස් ඒම, කරන කිසිවක් සිහියකින් කරන්නට නොහැකිවීම යනාදී දහසක් ආපදාවන් ස්නායු පද්ධතිය අක්‍රීයවීම නිසා ඇතිවනවා.

අයෙක් නීරෝගී විය යුත්තේ කායිකව පමණක් නොව මානසිකවත් නීරෝගී අයෙක් විය යුතුයි. වයස අවුරුදු 50 පසුවූ අයට අමතකවන රෝගයක් ඇතිවෙනවා . නමුත් කෙනෙක්ගේ සිහිය එසේ නැතිවෙන්නේ නැහැ. එසේ නැතිවනවානම් එය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක්.

ස්නායු පද්ධතියේ අක්‍රීය වූ ස්නායු වලට නැවත ජීවය ලබාදෙන ඒ විශ්මිත පානය වන්නේ නිවිති මීපැණි පානයයි.

නිවිති මීපැණි පානය සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය 

  • සිහින්ව ලියාගත් නිවිති කොළ කෝප්ප 1 ක් 
  • හොදම තත්වයේ මීපැණි මේස හැදි 2 ක් 
  • වතුර කෝප්ප 1 ක්
මුලින්ම නිවිති සහ වතුර එකට දමා බ්ලෙන්ඩර් කරන්න. පසුව පෙරාගන්න. පෙරාගත් නිවිති ජූස් එකට මීපැණි දමා උදේ හිස් බඩ බොන්න. 

මේ සත්කාරය හැකි සෑම දවසකම කරන්න. මාසයක් බොද්දී ඔබේ ස්නායු වල ක්‍රියාකාරිත්වය වර්ධනය වේවි.


උපුටා ගැනීමකි.



Tuesday, November 12, 2019

විශ්මිත ශක්තිජනක පානයක්...



"කිසිම වැඩක් කරන්න පණක් නෑ... නැගිටගන්න බෑ... ඇවිදගෙන අඩි තුන හතරක් යාගන්න බෑ. හරියට අවුරුදු හැත්තෑවක මහල්ලෙක් වගේ. වෙලාවකට හිතෙනවා දරුණු ලෙඩක්ද කියලත්. කිසිම වැඩක් කරගන්න හිතක් නෑ. ටිකක් වැඩකරනකොට මහන්සියි... උදේට නැගිටගන්න බෑ...පැයක් යනවා ඇදෙන් නැගිටින්න.. අඩි දහයක් ඇවිදිනකොට හතිය වගේ..මෙච්චර අඩපණ වුනේ කොහොමද...විටමින් සිරප් නම් කීයක් බිව්වද..ගුණයක් නෑ..." 

 මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද?? එසේනම් මෙන්න විශ්මිත ආහාරයක්. බෙහෙතක්. දිව ඔසුවක්. පුරාණ රජවරුන් පවා පාවිච්චි කළ ශක්තිජනක තිරිහන් ආහාරයක් වූ මෙය දිනපතා උදේට බොන්න. සතියක් දෙකක් මේ ඔසුව පානය කරන්න. ඔබටම අදහාගත නොහැකි ලෙස ඔබ පණ ගහලා ඒවි.

නව යොවුන් තරුණියක තරුණයෙකු මෙන් ශක්තියක් ඔබට ලැබේවි. ශරීරයේ ශක්තිය හීනවෙන්නේ අපේ ශරීරයේ ඇති "චක්‍රාස්" වශයෙන් හදුන්වන ශක්තිය උපද්දවන මූලයන්ගේ දුර්වලතාවයන් නිසයි. මේ පානය ඒ චක්‍රාස් වල ක්‍රියාකාරිත්වය යළිත් පණගන්වන දිව ඔසුවක්. දිනපතා හිස් බඩ මේ පානය හදාගෙන බොන්න. මේ පානය කළ පසුව පැයක් යනතුරු කිසිම ආහාරයක් පානයක් ගන්න එපා.

පුරාණ වට්ටෝරුව සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය 


  • වතුර කෝප්ප 2ක් සමග දියේ දමාගත් බාර්ලි කෝප්ප තුන්කාලක් 
  • එළකිරි කෝප්පයක් 
  • මීපැණි මේස හැදි 2 ක්  
  • රට ඉදි ගෙඩි 2 ක් 
  • ගිතෙල් තේ හැදි 1 ක් 


සාදාගන්නා ආකාරය හා පාවිච්චි කරන ආකාරය


  • දියේ දමාගත් බාර්ලි එම වතුරත් සමග පිරිසිදු සාස්පානකට දමා තැම්බෙන්න තබන්න. 
  • බාර්ලි තැම්බුණු පසුව එය හොදින් හැදෙන් පොඩිකර පසුව බාර්ලි වතුර පෙරාගන්න. පෙරාගත් බාර්ලි වතුර ටික යළිත් සාස්පානටම දමන්න. ( ඇට ඉවත්කර ) 
  • එය රත්වෙද්දී එයට එළකිරි ටික දමන්න. මදගින්නේ රත්කරන්න. 
  • දැන් එයට ගිතෙල් සහ මීපැණි ටික දමන්න.තවත් විනාඩියක් පමණ රත්කර බාගන්න. 
  • දැන් එය ලොකු මග් එකකට දමාගන්න. 
  • දැන් මේ පානය මද රස්නය පිටින්ම රට ඉදි 2ක් සමග බොන්න. උදෑසන 7ට පෙර මෙය පානය කරන්න. 
  • ඉන්පසු උදේ 9 වනතුරු කිසිම ආහාරයක් ගන්න එපා. 
  • දිනපතා පානය කරන්න. ශරීරයට අලුත් පණක් ලැබී, ශරීරය අලුතින පාට වැටී, දෑස් පෙනීම වැඩිවී නව යොවුන් පිරිපුන් ජීවිතයක් ඔබට ලැබේවි. 


 උපදෙස්
 කේරළ ආයුර්වේද වෛද්‍ය
 කවීතා ගෝපාලන් ශ්‍යාමාලා විසිනි.
 උපුටා ගැනීමකි.

Saturday, November 9, 2019

කවදාවත් විසිකරන්න හොද නැති පුදුම තරම් වටිනා දේවල් 7 ක්...




1. කරපිංචා නැටි
බොහෝ වේලාවට අපි කරපිංචා කොළ ටික සූරලා අරගෙන කරපිංචා නැටි, කුඩා මැද නාරටිය විසිකරලා දානවා. නමුත් ආයුර්වේදයේ බොහෝමයක් චූර්ණ, කල්ක, කෂාය සදහා ගන්නේ කරපිංචා නාරටියයි. කවදාවත් මේ නාරටිය විසිකරන්න එපා. කරපිංචා හොද්දට දමද්දි කුඩා කිනිත්ත පිටින්ම දමන්න. අලුත් රසයක් එකතු වෙනවා වගේම ගුණයත් වැඩිවෙනවා.

2. ගොටුකොළ මුල්
වැල් ගොටුකොළ ගෙන ආ විට අපි කොළ ටික ගෙන මුල් ටික විසිකරලා දානවා. මේ ඔබ ඉවත දමන්නේ ගොටුකොළ ශාකයේ වටිනාම කොටසයි. හොදින් පස් ඉවත් වෙන්න සෝදා ගොටුකොළ මුලත් සිහින්ව කොළත් සමග ලියාගන්න. අදහාගත නොහැකි ගුණයක් ඉන් ලැබෙනවා.

3. පොල් වතුර
පොල් ගෙඩිය බිද පොල් වතුර ටික අපි සින්ක් එකට හලනවා. පස්සේ රෑට ගැස්ට්‍රයිටිස් කියලා බෙහෙත් ගන්න යනවා. ඔබ දන්නවාද??? දිනපතා පොල් වතුර පානය කරනවා නම් ගැස්ට්‍රයිටිස් එන්නේ නෑ කියලා. ඒ නිසා පොල් වතුර ටික ශීතකරණයේ දමා හෝ පානය කරන්න. එය වටිනා ආයුර්වේද පානයක්.

4. වට්ටක්කා ඇට
බොහෝවිට වට්ටක්කා මාළුව පිසගැනීමේදී වට්ටක්කා ඇට ටික සූරා ඉවත්කරනවා. නමුත් ආයුර්වේද ගැන මෙන්ම පෝෂණය ගැනත් ඔබ දන්නවානම් කවදාවත් මේ වට්ටක්කා ඇට ඉවත්කරන්නේ නෑ. කොලෙස්ට්‍රෝල් අවම කරන පුදුමාකාර ගුණයක් මෙන්ම ශරීරය ප්‍රභාමත් කරන ගුණයක් වට්ටක්කා ඇටවල තිබෙනවා. කජු මෙන් පුච්චා කන්න. නැත්නම් බැදුමට දාන්න. නැත්නම් නිකන් කන්න. පුදුම තරම් ගුණයි.

5. පිපිඤ්ඤා මද
බඩවැල් වල තුවාල වලට මෙන්ම ගැස්ට්‍රයිටිස් අමාරුවටත් මේ තරම් ගුණදායක වෙනත් දෙයක් නෑ. ඒ නිසා අනිත් දවසේ සලාදය හදද්දී පිපිඤ්ඤා මදය සූරා ඉවත් කරන්න එපා. එයත් සමගම හදන්න. නැත්නම් එය සූරා ඒ වේලාවේම කන්න. ඉස්සර අපේ ගෙවල් වල මේක දරුවන්ට කන්න දෙනවා. හැකිනම් පිපිඤ්ඤා ගෙඩියක් නිකං කන්න. ඒක ඉතාමත් ගුණ සිසිලස ටොනික් එකක්..
6. බීට්රූට් කොළ
බීට්වල ගුණය ඇත්තේ මේ කොළවලයි. ඒ නිසා අනිත් දවසේ බීට් ගනිද්දී කොළත් එක්කම් ගන්න. එහි කොළත් අලත් සමග සිහින්ව කපා හදන්න. හරිම රසයි. නැත්නම් කොළ තෙල් දාන්න. කෙසේ හෝ මේ කොළ කන්න. එය දෑස්වලට ඉතාමත් හොද ශරීරයේ ලේ වඩන රත්තරන් කොළ මිටක් බව අමතක කරන්න එපා.

7. බාර්ලි ඇට
බොහෝවිට බාර්ලි හදලා බාර්ලි වතුර ටික අරගෙන බාර්ලි ඇට ටික ඉවත් කරනවා. නමුත් බාර්ලි ඇට මළ බද්ධයට මෙන්ම මළ ටික ටික පිටවීමටත් සීනි මට්ටම අඩුකිරීමටත් කොලෙස්ට්‍රෝල් අවම කිරීමටත් බඩවැල්වල ඇති තුවාල සනීප කරන්නටත් හැකිතරම් ප්‍රබලයි. ඒ නිසා බාර්ලි ඇටත් සමගම බ්ලෙන්ඩර් කරලා බොන්න. නැත්නම් බාර්ලි ඇට ටික වෙනම දීසියක දාගෙන කන්න...

Saturday, November 2, 2019

පුදුමාකාර හාස්කම් ඇති පිපිඤ්ඤා වතුර....




ශරීරය ගිනියම් නම්...ඔබේ ශරීරය ඇත්තේ දැඩි අවධානමකයි. ඔබේ ශරීරයේ ඇති මේ ගිනියම බලපාන්නේ ඔබේ ඇස් වලටත් සමටත් පමණක් නොවේ. ඔබ නොසිතන තරම් බලපෑමක් කරන්නේ ශරීරයේ ඇතුළු අවයව වලටයි. විශේෂයෙන් අක්මාවට, හෘදයට, මොළයට හා වකුගඩු වලටයි.

 මේ නිසා අධික ලෙස වියලීම යාම නොවේනම් ඩීහයිඩ්ට්‍රේඩ් වීම ඉතාමත් අනතුරුදායක දෙයක්. පසුගිය කාලයේ පැවති අධික වියළි කාලගුණය දැන් පහව ගියත් ඔබේ ශරීරයේ සදාකාලයටම ඇති වියලීමක් තිබෙනවා. එය ඔබ නිසි ලෙස පාලනය නොකළොත් ඉතාමත්ම අහිතකර සෞඛ්‍ය ගැටළු ඔබට ඇතිවිය හැකිය.

 අතීතයේ සිට ආයුර්වේද වෛද්‍යවරුන් විසින් සිසිලන වත්කම් ඇති හොදම එළවළුව ලෙස හැදින්වූවේ පිපිඤ්ඤායි. හීලින් ප්‍රොපටීස් නොවේනම් කූලින් ප්‍රොපටීස් ඇති විශ්මිත එළවළුවක් ලෙස හැදින්වූ මේ පිපිඤ්ඤා සතුව අපේ ශරීරය අසාමාන්‍ය ලෙස සිසිල් කරන ගුණ තිබෙනවා. ඉතාමත් අධික ලෙස පාරිසරික වියලීම් ඇති ප්‍රදේශවල ස්වභාව ධර්මය විසින්ම පිපිඤ්ඤා අස්වැන්න වැඩිකරන්නේ මේ නිසයි. අද රජරට ගොවියන්ගේ ඇති වී ඇති වකුගඩු ප්‍රශ්න මේ තරම් දරුණු වී ඇත්තේ ඔවුන් විසින් වගාකරන පිපිඤ්ඤා ගෙඩියක්වත් ඔවුන් හේනට වී නොකන නිසයි.
කීරා පානී ලෙස ඉන්දියාවේ හදුන්වන පිපිඤ්ඤා වතුර පානය කිරීම අතීතයේ සිටම ඔවුන් කරගෙන ආ දෙයක්. මේ හේතුව නිසා අපටත් වඩා වියලි කාලගුණයක් ඇතැම් කාලවල ඇති ඉන්දියාවේ ඇති ඉන්දියාවේ අය අධික ලෙස වියලීමෙන් මිදී ජීවත් වෙනවා. මේ කීරා පානී වල සම පැහැපත් කරන සම දිදුලවන රහස් සංඝටකයන් ඇතුලත් වෙනවා.

ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් තරගය අතරවාරයේ පවා පිපිඤ්ඤා වතුර බොන බව ඉන්දියාවේ අයට රහසක් නොවේ. ක්‍රිකට් පිටියකදී ඔවුන්ට ඇතිවන අධික පිපාසය මෙන්ම බඩගින්නද මේ මගින් නැතිවෙනවා.

 මේ පිපිඤ්ඤා වතුර ශරීරයට තෙතමනය දෙනවා පමණක් නොවෙයි. එය අධික රුධිර පීඩනය අවම කරනවා. ශරීරයේ කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමේ හාස්කම් බලයක් එහි ඇතුළත්. එසේම දිනපතා පිපිඤ්ඤා වතුර පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම සැළකියයුතු මට්ටමකින් අඩුවෙන බව දැන් සොයාගෙන තිබෙනවා. බටහිර රටවල් වල මේ දිනවල රැල්ලක් සේ පැතිරීගෙන යන ඩෙටොක්ස් පානයටද මේ පිපිඤ්ඤා දමනවා.

 මේ තරම් ලාබයට පිපිඤ්ඤා ඇති අපි පිපිඤ්ඤා වතුර නොබී අධික ලෙස වියලීගිය ශරීරවලින් ලෙඩ දුක් හදාගන්නවා. වරද ඇත්තේ අප තුළම නොවෙයිද?

  පිපිඤ්ඤා වතුර සාදාගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය 
1. වතුර වීදුරු 6ක් 7ක් දැමිය හැකි වීදුරු ජෝගුවක්
2. සිහින්ව කපාගත් කොළ පිපිඤ්ඤා (ගර්කින්) ගෙඩියක් හෝ සාමාන්‍ය පිපිඤ්ඤා ගෙඩියක් මදයත් සහිතව දැන් වතුර එකට පිපිඤ්ඤා පෙති දමන්න. ඔබට ගැස්ට්‍රයිටිස් අමාරුව නැතිනම් මෙයට දෙහි පෙති කිහිපයක්ද දැමිය හැකිය.

 දැන් දවස පුරාම මේ පිපිඤ්ඤා වතුර පානය කරන්න. හවසට අලුත් පිපිඤ්ඤා වතුර එකක් හදාගන්න. මෙය දවස් දෙක තුනක් කිරීමෙන් හොදින් මූත්‍රා පිටවෙනවා. හොදින් මල පිටවෙනවා. ශරීරයට සැහැල්ලුවක් දැනෙනවා. සම පැහැපත් වෙනවා. ඇස් දීප්තිමත් වෙනවා. අධික රුධිර පීඩනය තිබුනානම් එය අඩුවෙනවා.

 මේ සියල්ල වීමට දවසක් දෙකක් බී ප්‍රමාණවත් නෑ. දෛනික පුරුද්දක් කරගත යුතුයි.

උපුටා ගැනීමකි.

Wednesday, October 30, 2019

දියවැඩියාවට පුදුම හිතෙන බෙහෙත් 7 ක්....







1. කරවිල සම්බෝලය

 අලුත් කරවිල ගෙඩි 2ක් ගන්න. එය ඉතාම සිහින්ව ලියන්න. පසුව එය ලුණු වතුරේ දමා විනාඩි 10ක් තියන්න. විනාඩි දහයකට පසුව කරවිල ටික හොදින් මිරිකාගන්න. බෝල් එකකට දමන්න. එයට ඉතා සිහින්ව ලියාගත් රතුලූනු බික් 10ක් දමන්න. අමුමිරිස් කරලක් ලියා දමන්න. දෙහි බෑයක යුෂ දමන්න. හොදින් මිශ්‍ර කර මේ ටික බත් සමග කෑමට ගන්න. දවසක් ඇර දවසක් මේ කරවිල සම්බෝලය කන්න. ෂුගර් දෙසිය ගානට තිබුනත් නිසි මට්ටමට දින දෙකක් තුළ ඒවි. ෂුගර් නැතත් දවස් දෙක තුනකට වරක් කන්න.

2. තෙඹු කොළ සම්බෝලය

තෙඹු කොළ මිටියක් ගෙන ඉතාම සිහින්ව ලියාගන්න. පොල් මේස හැදි 3ක්, ලියාගත් රතුලූනු 10ක්, අමුමිරිස් කරල් 2ක්, ලුණු තේ හැදි බාගයක් සහ දෙහි බෑයක යුෂ දමන්න. බත් සමග කෑමට ගන්න. දින තුනකට වරක් කන්න. දිනපතා ආහාරයට ගන්න එපා. එසේම රාත්‍රී කාලයට ආහාරයට ගන්නත් එපා. දවල් කෑම සමග ගන්න.

3. ඇඹරැල්ලා අච්චාරු

අමු ඇඹරැල්ලා ගෙඩි දෙකක් ලෙල්ල පිටින් කුඩාවට කපන්න. පසුව එයට මිරිස් කුඩු තේ හැදි කාලක්, ගම්මිරිස් කුඩු තේ හැදි කාලක් සහ ලුණු කුඩු තේ හැදි කාලක් දමන්න. මිශ්‍ර කර අච්චාරුවක් ලෙස කන්න. උදේ වරුවේ මෙය කන්න. දින දෙකකට වරක් කෑම ප්‍රමාණවත්වේ.

4. කාමරංකා

කාමරංකා ගෙඩියක්, ලුණු කුඩු ඉතාම ස්වල්පයක් ගෙන කාමරංකා ගෙඩියක් කෑමට ගන්න. රස පළතුරක්. දවස් දෙකකට වරක් කෑමට ගන්න.

5. නාඩු සහල් බත්

හැමදාම රාත්‍රීයට නාඩු සහල් බත් කෝප්ප එකක් කෑමට ගන්න. සම්බා බත් හෝ පාන් පිටි යෙදූ ආහාර වලින් වැළකී මෙය කරන්න.

6. බෙලි කොළ පානය

අලුත් බෙලි කොළ මිටක් උණුවතුරේ දමාගෙන විනාඩි 30ක් තබා පසුව පානය කරන්න. මේ ඔසු පානය දින තුනකට වරක් කිරීම හොදටම ප්‍රමාණවත්.

7. උණුවතුර දෙහි පානය

හැමදාම රාත්‍රී නින්දට යන්නට පෙර උණුවතුර වීදුරුවකට දෙහි ගෙඩියක් මිරිකා පානය කර නින්දට යන්න. ඔබට ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම් මේ ප්‍රතිකර්මය කරන්න එපා. දවස් දෙක තුනකින් රුධිරයේ සීනි මට්ටම මෙන්ම කොලෙස්ට්‍රෝල් මට්ටමත් පහතට වැටෙනවා.

Thursday, October 17, 2019

කාන්තා සෞඛ්‍යය නංවාලීමට ක්‍රම 6 ක්


 කාන්තාවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා පිරිමින්ගේ සෞඛ්‍යයට වඩා ටිකක් වෙනස් ය.  ඔබ කාන්තාවක් නම්, මෙම ඉඟි ඉක්මනින් ඔබට සුදුසු සහ ජවසම්පන්න බවක් දැනෙනු ඇත.

සෑම වයසකදීම ඔබේ උපරිමය බැලීමට සහ දැනීමට, හොඳ ජීවන රටාවක් සහ සෞඛ්‍ය තේරීමක් කිරීම වැදගත්ය.  යහපත් සෞඛ්‍යයක් සහතික කිරීම සඳහා කාන්තාවන්ට දිනපතා කළ හැකි සරල දේවල් හයක් මෙන්න:

1. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න.
ඔබට හැකි තරම් ස්වාභාවික ආහාර වේලකට ආසන්නව ආහාර ගැනීමට ඔබට අවශ්‍යයි. විවිධාකාර නැවුම් පලතුරු හා එළවළු සහ සැකසූ අඩු  ආහාර, සම්පූර්ණ ධාන්ය වර්ග සහ ඉහළ තන්තු සහිත ආහාර අනුභව කර මස්, මාළු සහ කුකුළු මස් අඩු කරන්න.අඩු මේද සහිත කිරි නිෂ්පාදන ඔබේ ආහාර වේලට ඇතුළත් කරන්න - ඔබේ වයස අනුව, ඔස්ටියෝපොරෝසිස් වළක්වා ගැනීම සඳහා ඔබට දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 800 ත් 1500 ත් අතර ප්‍රමාණයක් අවශ්‍යවේ. සීනි, ලුණු සහ මේදය අධික ආහාර හා පාන වර්ග ගැනීමෙන් වළකින්න.

 සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ඔබේ උස සඳහා නිසි බරක් පවත්වා ගැනීමට උපකාරී වනු ඇත, එය වැදගත් වන්නේ අධික බරින් සිටීම රෝගාබාධ ගණනාවකට හේතු විය හැකි බැවිනි.  සෞඛ්‍ය සම්පන්න ආහාරයක් සොයනවාද?  අඩු මේද යෝගට් වලින් සාදන ලද බිංදු සමඟ සැල්දිරි, කැරට්, බ්රොකොලි, පිපිඤ්ඤා වැනි අමු එළවළු උත්සාහ කරන්න.

 ඔබේ ආහාර වේලෙහි ප්‍රමාණවත් විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන්නේ නම්, ඔබ හොඳ සෞඛ්‍යයක් පවත්වා ගෙන යන බවට වග බලා ගැනීම සඳහා ඔබට මල්ටිවිටමින් සහ කැල්සියම් අතිරේකයක් ගැනීමට අවශ්‍ය විය හැකිය.

2.ව්‍යායාම කරන්න.
සෑම දිනකම අවම වශයෙන් දිනකට මිනිත්තු 30 ක්, සතියේ දින පහක් ව්‍යායාම කිරීමට ඔබට අවශ්‍යය.  වායුගෝලීය ව්‍යායාම (ඇවිදීම, පිහිනීම, පැනීම, බයිසිකල් පැදීම, නැටුම්) පොදුවේ කාන්තාවන්ගේ සෞඛ්‍යයට සහ විශේෂයෙන් ඔබේ හදවතට යහපත්වේ.

3.අවදානම් පුරුදු වලින් වළකින්න.
සිගරට් සහ දුම් පානය කරන අයගෙන් ඈත්ව සිටින්න.  ඖෂධ භාවිතා නොකරන්න.  ඔබ මත්පැන් පානය කරන්නේ නම්, එය මධ්‍යස්ථව කරන්න.  බොහෝ කාන්තාවන්ගේ සෞඛ්‍ය අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාවන්ට දිනකට එක් පානයක් ආරක්ෂිතව පානය කළ හැකි බවයි.

4.ආතතිය පාලනය කරන්න.  
ඇගේ ජීවිතයේ කුමන අවධියක වුවද - දියණිය, මව, ආච්චි - කාන්තාවක් බොහෝ විට තොප්පි පැළඳ සිටින අතර විශාල පීඩනයක් හා ආතතියක් සමඟ කටයුතු කරයි.  “සෑම දිනකම මිනිත්තු කිහිපයක් ගත කර විවේකීව ඔබේ දෘෂ්ටිකෝණය නැවත ලබා ගන්න. එය බොහෝ කාලයක් ගත නොවන අතර මානසික සෞඛ්‍යය ඔබේ ශාරීරික යහපැවැත්මට වැදගත් වේ. ව්‍යායාම, විවේක ගැනීමේ ක්‍රම හෝ භාවනා කිරීමෙන් ඔබට මානසික ආතතිය පාලනය කළ හැකිය.

5. හිරු කිරනින් ආරක්ෂා වීම. 
සූර්යයාගේ හානිකර කිරණවලට අධික ලෙස නිරාවරණය වීමෙන් සමේ පිළිකා ඇති විය හැකි අතර එය මාරාන්තික විය හැකිය.  සමේ පිළිකා වලින් ආරක්ෂා වීම සඳහා, ඔබ මිනිත්තු කිහිපයකට වඩා එළිමහනේ සිටීමට යන්නේ නම් අවම වශයෙන් 15 ක්වත් හිරු ආරක්ෂණ සාධකය (SPF) සහිත හිරු ආවරණ පැළඳ ගන්න.  ඔබ සන්ස්ක්‍රීන් විශ්වාසවන්තව පැළඳ සිටියද, සමේ පිළිකා ඇති බවට ඔබ නිරන්තරයෙන් පරීක්ෂා කර බැලිය යුතුය.  අනතුරු ඇඟවීමේ සං include ා අතර උපත් සලකුණු, මවුල හෝ නිදැල්ලේ හෝ නව, විශාල කිරීම, වර්ණක හෝ රතු සම ප්‍රදේශ වල ප්‍රමාණය, හැඩය, වර්ණය හෝ හැඟීම වෙනස් වේ.  ඔබ යම් වෙනසක් දුටුවහොත් හෝ සුව නොවන තුවාල ඇති බව ඔබට පෙනේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

6. පියයුරු පිළිකා සඳහා පරීක්ෂා කරන්න.   ඔබේ පියයුරු වල යම් වෙනසක් සිදුවී ඇත්දැයි සොයා බලා වෛද්‍යවරයා වෙත වාර්තා කළ යුතුය.  වයස අවුරුදු 40 සහ ඊට වැඩි සියලුම කාන්තාවන්ට වාර්ෂිකව මැමෝග්‍රෑම් ලබා ගත යුතුය. මන්දයත් මැමෝග්‍රෑම් යනු පිළිකා හඳුනාගත හැකි වඩාත් ඵලදායි ක්‍රමය වන අතර එය වඩාත් ප්‍රතිකාර කළ හැකි අවස්ථාවකි.

Tuesday, October 15, 2019

රෝග රැසකට ගුණදෙන පාන වර්ග කිහිපයක්.




මේ පාන වර්ග සාදාගන්නේ පළතුරු සහ එළවළු සාරයෙන්. ලෝකයේ මේ වෙද්දී සොයාගත් සරලම දියුණුම ලෙඩ සනීප කරන ක්‍රමයක් තමයි පළතුරු සහ එළවළු සාරයෙන් රසවත් කල වතුර පානය. ඔබට පුලුවන් නම් අද ඉදලා මේ දේ කරන්න. මේ පානයන් සාදාගන්න ආකාරයත් ඒවායින් ලැබෙන සෞඛ්‍යමය වාසි මේ ලිපියේ සදහන්.


  1. දෙහි + ලෙමන් + දොඩම් 
මේ සියල්ල එක බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු පහකට දමන්න. දවස පුරා වීදුරු බාගය බැගින් බොන්න.
ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිවීම, නිතර නිතර බෝවන රෝග වැළදීමට, සම කැසීමට, දෑස් බොදවීමට, මාසික වේදනා අවම කිරීමට, බඩ පිපුමට, ශරීරයේ අධික බර අඩුවීමට නිතර නිතර බීම ඉතා හොදයි.

2. ස්ට්‍රෝබෙරි + කොමඩු + දෙහි

මේ සියල්ල ග්‍රෑම් 200 බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු හතකට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න. 
රුධිරය පිරිසිදු වීමට, නිතර ඇතිවන දාහයට, දෑස් බොදවීමට, සම පැහැපත් වීමට, යටි පතුල් පැලීමට, කොලෙස්ටරෝල් අවම කිරීමට ඉතා හොදයි.

3. බීට් + දෙහි

මධ්‍යම ප්‍රමාණයේ බීට් ගෙඩියක් පෙති කපාගන්න. එයට දෙහි ගෙඩි දෙකක් පෙති කපා දමන්න. වතුර වීදුරු හතකට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න. 
ශරීරයේ විස සහිත බව අඩුවීමට, බටහිර බෙහෙත් නිසා ඇතිවන උෂ්ණයට, අක්මාව පිරිසිදු වීමට, හොදින් මලපහ පිටවීමට.

4. මින්චි කොළ + ග්‍රීන් ටී

මින්චි කොළ කෝප්ප එකක් ග්‍රීන් ටී බෑග් පහක් මද උණුසුම් වතුර වීදුරු හතකට දමා පැය 3ක් තබන්න. පසුව වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න. 
අධික තරබාරුව නිසා ඇතිවන සියලුම රෝග අවම කිරීමට, බඩ පිපුමට, උදරය ඉදිරියට නෙරා ඒමට, සිහිකල්පනාව මදි වීමට.

5. උළුහාල් + කරපිංචා 

උළුහාල් මේස හැදි 3ක් අතින් පොඩි කරගත් කරපිංචා මිටක් සමග මද උණුසුම් වතුර වීදුරු 7ක බහා තබන්න. වතුර වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න. 
අධික කොලෙස්ට්‍රෝල් නිසා ඇතිවන සියලු අසීරුතා අවම කිරීමට. 

6. උක්දඩු + දෙහි

හොදින් සුද්ද කරගෙන පෙති කපාගත් උක් දඩු කෝප්ප 1 ක්. දෙහි පෙති 5ක් සමග වතුර වීදුරු හතක දමා තබාගන්න. වතුර වීදුරුව බැගින් දවස පුරා බොන්න.
අධික තෙහෙට්ටුව, විඩාව, සාංකාව, නිදිමත අඩු කිරීමට ඉතා හොදයි.

7. කොත්තමල්ලි වතුර 

කොත්තමල්ලි මේස හැදි 4ක් වතුර වීදුරු පහක දමා රැයක් තබා පසුදින විටින් විට පස්වතාවක් බොන්න. 
මාසික වේදනාව අඩුවීම, මුත්‍රා ටික ටික යාමට, මුත්‍රා ආසාධනයට සහ කොන්දේ කැක්කුමට ඉතාම හොදයි.

8. ඉගුරු + මින්චි + මීපැණි + උණුවතුර + දෙහි පෙති 

මේ සියල්ල එකට දමා උණුවතුර වීදුරු හතක් දමන්න. ඉගුරු සහ මින්චි කෝප්ප බාගය බැගින් දමන්න. ඉගුරු දමනවිට හොදින් සුද්ද කර සිහින් පෙති කපාගන්න. මින්චි කොළ අතින් පොඩිකර දමන්න. දෙහි පෙති කපාගන්න. මීපැණි මේස හැදි 2 ක් දමන්න. පැය බාගයක් වසා තබා ටික ටික බොන්න. 
අධික තරබාරුව නිසා ඇතිවන අසීරුතා අඩුවීමට, ප්‍රතිශක්තිකරණය වැඩි වීමට, වමනය, ඔක්කාරය අඩුවීමට, බර අඩුවීමට ඉතා හොදයි. 

9. දොඩම් + දෙහි ලෙලි කුඩු 

දොඩම් ගෙඩි දෙකක් පෙති කපාගන්න. පසුව එයටම දෙහි ගෙඩි දෙකක ලෙල්ල කපාගෙන දමන්න. දෙහි ගෙඩියද පෙති කපා දමන්න. මේ සියල්ල වතුර වීදුරු හතක දමා පැයක් තබන්න. 
ශරීරයේ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වැඩි වීම නිසා ඇතිවන අපහසුතා මේ මගින් දුරු වෙනවා. බඩවැල් වල තුවාල සනීප වෙනවා. ඇටමිදුළු ශක්තිමත් වෙනවා.

10. පිපිඤ්ඤා පෙති + දෙහි පෙති + මින්චි කොළ 

මේ සියල්ල කෝප්ප බාගය බැගින් ගෙන වතුර වීදුරු හතක දමා දවස පුරා ටික ටික බොන්න.
බර අඩු වෙනවා, අසනීප තත්වයන් නිසා ඇතිවන ගිලන් ස්වභාවය අවම වෙනවා.

11. කුරුදු + දෙහි 

කුරුදු කැබලි කෝප්ප කාලක් දෙහි පෙති කෝප්ප කාලක් සමග මිශ්‍ර කර එය වතුර වීදුරු පහක දමාගන්න. පසුව ටික ටික බොන්න. 
ශරීරයේ සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබාගත හැකිය. අධික බර අඩු වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි බෙහෙත් පාවිච්චි නිසා ඇතිවන ඌෂ්ණ තත්වය අවම වෙනවා. 

උපුටා ගැනීමකි. 

Wednesday, October 9, 2019

වකුගඩු රෝගය පාලනයට සුදුසු ආහාර.....



වකුගඩු රෝගය යනු ලෝක ජනගහනයෙන් 10% කට පමණ බලපාන පොදු ගැටළුවකි.

වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇත්තේ වකුගඩු රෝගයයි උතුරු මැද පළාතේ මෙන්ම සෙසු කෘෂි කාර්මික ශුෂ්ක ප්‍රදේශවලට ද මෙම රෝගය ව්‍යාප්ත වී ඇත.

 වකුගඩු කුඩා නමුත් බලවත් බෝංචි හැඩැති අවයව බොහෝ වැදගත් කාර්යයන් ඉටු කරයි.

 අපද්‍රව්‍ය නිෂ්පාදන පෙරීම, රුධිර පීඩනය නියාමනය කරන හෝමෝන මුදා හැරීම, ශරීරයේ තරල සමතුලිත කිරීම, මුත්‍රා නිපදවීම සහ තවත් බොහෝ අත්‍යවශ්‍ය කාර්යයන් සදහා ඔවුන් වගකිව යුතුය.

 මෙම අත්‍යවශ්‍ය අවයව වලට හානි වීමට විවිධ ක්‍රම තිබේ.

 දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වකුගඩු රෝග සඳහා වඩාත් පොදු අවදානම් සාධක වේ.  කෙසේ වෙතත්, තරබාරුකම, දුම්පානය, ජාන විද්‍යාව, ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස ද අවදානම වැඩි කළ හැකිය.

 පාලනයකින් තොරව රුධිරයේ සීනි සහ අධි රුධිර පීඩනය වකුගඩු වල රුධිර වාහිනී වලට හානි කරයි, ප්‍රශස්ත මට්ටමින් ක්‍රියා කිරීමේ හැකියාව අඩු කරයි.

 වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට, ආහාර වලින් අපද්‍රව්‍ය ඇතුළුව රුධිරයේ අපද්‍රව්‍ය ගොඩ නගයි.

 එමනිසා, වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින් විශේෂ ආහාර වේලක් අනුගමනය කිරීම අවශ්‍ය වේ.

ආහාර හා වකුගඩු රෝග

 වකුගඩු හානිවීමේ මට්ටම අනුව ආහාර සීමාවන් වෙනස් වේ.

 නිදසුනක් වශයෙන්, වකුගඩු රෝගයේ මුල් අවධියේ සිටින පුද්ගලයින්ට වකුගඩු අකර්මන්‍යතාවයට වඩා වෙනස් සීමාවන් ඇත, එය අවසාන අදියර වකුගඩු රෝගය (ESRD) හැඳින්වේ.

 ඔබට වකුගඩු රෝගයක් ඇත්නම්, ඔබේ සෞඛ්‍ය සේවා සැපයුම්කරු ඔබේ පුද්ගලික අවශ්‍යතා සඳහා හොඳම ආහාරය තීරණය කරයි.

 දියුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට, රුධිරයේ ඇති අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වන වකුගඩු හිතකාමී ආහාර වේලක් අනුගමනය කිරීම වැදගත් වේ.

 මෙම ආහාරය බොහෝ විට වකුගඩු ආහාරයක් ලෙස හැඳින්වේ.

 තව දුරටත් හානිය වළක්වා ගැනීමට වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට එය උපකාරීවේ.

 ආහාර සීමාවන් වෙනස් වුවද, වකුගඩු රෝගයෙන් පෙළෙන සියලුම පුද්ගලයින් පහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ සීමා කිරීම සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ:


  •  සෝඩියම්: සෝඩියම් බොහෝ ආහාර වල දක්නට ලැබෙන අතර මේස ලුණු වල ප්‍රධාන අංගයකි.  හානියට පත් වකුගඩු වලට අතිරික්ත සෝඩියම් පෙරීමට නොහැකි වන අතර එහි රුධිර මට්ටම ඉහළ යයි.  දිනකට සෝඩියම් මිලිග්‍රෑම් 2,000 ට වඩා සීමා කිරීම බොහෝ විට නිර්දේශ කෙරේ.
  • පොටෑසියම්: පොටෑසියම් ශරීරයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි, නමුත් වකුගඩු රෝග ඇති අයට පොටෑසියම් සීමා කිරීම අවශ්‍ය වන්නේ අධික රුධිර මට්ටම වළක්වා ගැනීම සඳහා ය.  පොටෑසියම් දිනකට මිලිග්‍රෑම් 2,000 ට වඩා අඩු කිරීම සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ. 
  • පොස්පරස්: හානියට පත් වකුගඩු වලට බොහෝ ආහාරවල ඛනිජයක් වන අතිරික්ත පොස්පරස් ඉවත් කළ නොහැක.  ඉහළ මට්ටම් ශරීරයට හානි කළ හැකි බැවින් බොහෝ රෝගීන් තුළ ආහාර පොස්පරස් දිනකට මිලිග්‍රෑම් 800-1,000 ට අඩු වේ.


 ප්‍රෝටීන් යනු වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට සීමා කළ යුතු තවත් පෝෂ්‍ය පදාර්ථයකි, මන්ද ප්‍රෝටීන් පරිවෘත්තීය ක්‍රියාවලියෙන් අපද්‍රව්‍ය ඉවත් කළ නොහැකි වකුගඩු මගින් ඉවත් කළ නොහැක.

 කෙසේ වෙතත්, අවසාන අවධියේ වකුගඩු රෝගයෙන් පෙළෙන අයට, රුධිරය පෙරීම හා පිරිසිදු කිරීම සඳහා ප්‍රතිකාරයක් වන අතර, වැඩි ප්‍රෝටීන් අවශ්‍යතා ඇත.

 වකුගඩු රෝගයෙන් පෙළෙන සෑම පුද්ගලයෙකුම වෙනස් වේ, එබැවින් ඔබේ සෞඛ්‍ය සේවා සැපයුම්කරු සමඟ ඔබේ ආහාර අවශ්‍යතා ගැන කතා කිරීම වැදගත් වේ.

 වාසනාවකට මෙන්, බොහෝ රසවත් හා සෞඛ්‍ය සම්පන්න විකල්ප පොස්පරස්, පොටෑසියම් සහ සෝඩියම් අඩුය.

වකුගඩු ආබාධ සහිත පුද්ගලයින් සඳහා සුදුසු ආහාර වර්ග

1. වට්ටක්කා

 වට්ටක්කා යනු විටමින් සී, විටමින් කේ සහ බී විටමින් ෆෝලේට් ඇතුළු බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු පෝෂ්‍යදායී එළවළු වර්ගයකි.

 එය ඉන්ඩොල්ස් වැනි ප්‍රති-ගිනි අවුලුවන සංයෝගවලින් සහ විශිෂ්ට තන්තු ප්‍රභවයකින් පිරී ඇත.

අඩු පොටෑසියම් අතුරු කෑමක් සඳහා අර්තාපල් වෙනුවට පොඩි කළ වට්ටක්කා භාවිතා කළ හැකිය.

 2. බ්ලූබෙරීස්

 බ්ලූබෙරීස් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇති අතර ඔබට ආහාරයට ගත හැකි හොඳම ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයන්ගෙන් එකකි.

 විශේෂයෙන් මෙම මිහිරි බෙරි වල ඇන්තොසියානින් නම් ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් හෘද රෝග, ඇතැම් පිළිකා, සංජානන පරිහානිය සහ දියවැඩියාව වලින් ආරක්ෂා විය හැකිය.

 සෝඩියම්, පොස්පරස් සහ පොටෑසියම් අඩු බැවින් වකුගඩු හිතකාමී ආහාර වේලක් සඳහා ඔවුන් අතිවිශිෂ්ට එකතු කිරීමක් කරයි.

 3. සී බාස්

 සී බාස් යනු ඔමේගා -3 ලෙස හඳුන්වන ඇදහිය නොහැකි තරම් සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු උසස් තත්ත්වයේ ප්‍රෝටීනයකි.

 ඔමේගා -3 දැවිල්ල අඩු කිරීමට උපකාරී වන අතර සංජානන පරිහානිය, මානසික අවපීඩනය සහ කාංසාව ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

 සියලුම මසුන් පොස්පරස් ඉහළ මට්ටමක පවතින අතර, මුහුදු බාස්හි අනෙකුත් මුහුදු ආහාර තේරීම් වලට වඩා අඩු ප්‍රමාණයක් අඩංගු වේ.

 කෙසේ වෙතත්, පොස්පරස් මට්ටම පාලනය කර ගැනීම සඳහා කුඩා කොටස් පරිභෝජනය කිරීම වැදගත් වේ.

 4. රතු මිදි

 රතු මිදි රසවත් පමණක් නොව, කුඩා පැකේජයක් තුළ පෝෂණ ටොන් එකක් ද ලබා දෙයි.

 රතු මිදි වල විටමින් සී ඉහළ මට්ටමක පවතින අතර ෆ්ලේවනොයිඩ්ස් නම් ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර ඒවා දැවිල්ල අඩු කරන බව පෙන්වා දී ඇත.

 මීට අමතරව, රතු මිදි වල රෙස්වෙටරෝල් ඉහළ මට්ටමක පවතින අතර එය ෆ්ලේවනොයිඩ් වර්ගයක් වන අතර එය හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන අතර දියවැඩියාව හා සංජානන පරිහානියෙන් ආරක්ෂා වේ.

 5. බිත්තර සුදු මද

 බිත්තර කහ මදය ඉතා පෝෂ්‍යදායී වුවද ඒවායේ ඉහළ පොස්පරස් ප්‍රමාණයක් අඩංගු වන අතර බිත්තර සුදු මද වකුගඩු ආහාර වේලක් අනුගමනය කරන අයට වඩා හොඳ තේරීමක් කරයි.

 බිත්තර සුදු මද උසස් තත්ත්වයේ වකුගඩු හිතකාමී ප්‍රෝටීන් ප්‍රභවයක් සපයයි.

 ඩයලිසිස් ප්‍රතිකාර ලබන පුද්ගලයින් සඳහා ඔවුන් විශිෂ්ට තේරීමක් වන බැවින් ඔවුන්ට වැඩි ප්‍රෝටීන් අවශ්‍යතා ඇති නමුත් පොස්පරස් සීමා කළ යුතුය.

 6. සුදුළූණු

 වකුගඩු ආබාධ ඇති පුද්ගලයින්ට ලුණු එකතු කිරීම ඇතුළුව ආහාරයේ ඇති සෝඩියම් ප්‍රමාණය සීමා කිරීමට උපදෙස් දෙනු ලැබේ.

 සුදුළූණු ලුණු සඳහා රසවත් විකල්පයක් සපයන අතර පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන අතර දීසි වලට රසය එක් කරයි.

 එය මැංගනීස්, විටමින් සී සහ විටමින් බී 6 හොඳ ප්‍රභවයක් වන අතර ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති සල්ෆර් සංයෝග අඩංගු වේ.

7. ඔලිව් තෙල්

 ඔලිව් තෙල් මේදය හා පොස්පරස් රහිත සෞඛ්‍ය සම්පන්න ප්‍රභවයක් වන අතර එය වකුගඩු රෝගයෙන් පෙළෙන අයට හොඳ විකල්පයක් වේ.

 දියුණු වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට නිරන්තරයෙන් බර තබා ගැනීමට අපහසු වන අතර ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න, අධික කැලරි සහිත ආහාර වැදගත් වේ.

 ඔලිව් තෙල්වල ඇති මේදයෙන් බහුතරය ඔලෙයික් අම්ලය ලෙස හඳුන්වන මොනොසැටරේටඩ් මේදය වන අතර එය ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇත.

 එපමණක්ද නොව, අධික උෂ්ණත්වවලදී මොනොසැටරේටඩ් මේද ස්ථායී වන අතර ඔලිව් තෙල් ආහාර පිසීම සඳහා සෞඛ්‍ය සම්පන්න තේරීමක් කරයි.

 8. ගෝවා

 ගෝවා කුරුස එළවළු පවුලට අයත් වන අතර විටමින්, ඛනිජ සහ බලවත් ශාක සංයෝග වලින් පිරී ඇත.

 එය විටමින් K, විටමින් සී සහ බොහෝ බී විටමින් වල හොඳ ප්‍රභවයකි.

 තවද, එය නිත්‍ය බඩවැල් චලනයන් ප්‍රවර්ධනය කිරීමෙන් සහ මළපහ සඳහා තොග එකතු කිරීමෙන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගන්නා තන්තු වර්ගයක් වන ද්‍රාව්‍ය තන්තු සපයයි.

 9.සම නැති කුකුල් මස්

 වකුගඩු ආබාධ ඇති සමහර පුද්ගලයින්ට සීමිත ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය වුවද ශරීරයට ප්‍රමාණවත් තරම් උසස් තත්ත්වයේ ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා දීම සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වේ.

 සම නැති කුකුල් මස් පියයුරු වල සම මත ඇති කුකුළු මස් වලට වඩා පොස්පරස්, පොටෑසියම් සහ සෝඩියම් අඩංගු වේ.

 කුකුළු මස් සඳහා සාප්පු යාමේදී, නැවුම් කුකුළු මස් තෝරාගෙන පෙර සූදානම් කළ බැදපු කුකුල් මස් වලක්වා ගන්න, මන්ද එහි විශාල සෝඩියම් සහ පොස්පරස් අඩංගු වේ.


 10.බෙල් පෙපර්

 බෙල් පෙපර් වල ආකර්ෂණීය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන නමුත් අනෙකුත් එළවළු මෙන් නොව පොටෑසියම් අඩුය.

 මෙම දීප්තිමත් වර්ණ ගම්මිරිස්වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක විටමින් සී පටවා ඇත.

 ඇත්ත වශයෙන්ම, එක් කුඩා රතු බෙල් පෙපර් (ග්‍රෑම් 74) විටමින් සී නිර්දේශිත ප්‍රමාණයෙන් 158% ක් අඩංගු වේ.

 ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් වන විටමින් ඒ සමඟ ඒවා පටවා ඇති අතර එය බොහෝ විට වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සම්මුතියකට ලක් වේ.


 11.ළූණු

 වකුගඩු ආහාරයට සෝඩියම් රහිත රසය ලබා දීම සඳහා ළූණු විශිෂ්ටයි.

 ලුණු අඩු කිරීම බොහෝ රෝගීන්ට අපහසු විය හැකි අතර රසකාරක ලුණු විකල්ප සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ.

 සුදුළූණු සහ ඔලිව් තෙල් සමඟ ළූනු සාස්පාන් කිරීම ඔබේ වකුගඩු සෞඛ්‍යයට හානියක් නොවන පරිදි පිඟානට රසය එක් කරයි.

 එපමණක්ද නොව, ළූණු වල විටමින් සී, මැන්ගනීස් සහ බී විටමින් ඉහළ මට්ටමක පවතින අතර ප්‍රයෝජනවත් බඩවැල් බැක්ටීරියා පෝෂණය කිරීමෙන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමට උපකාරී වන පූර්ව ප්‍රතිජීවක තන්තු අඩංගු වේ.


 12. රාබු

 රාබු යනු වකුගඩු ආහාරයකට සෞඛ්‍ය සම්පන්න එකතු කිරීමක් වන හැපෙනසුළු එළවළු ය.

 මෙයට හේතුව ඒවා පොටෑසියම් සහ පොස්පරස් ඉතා අඩු නමුත් වෙනත් බොහෝ වැදගත් පෝෂ්‍ය පදාර්ථවල ඉහළ මට්ටමක පැවතීමයි.

 රාබු යනු විටමින් සී හි ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය හෘද රෝග හා ඇසේ සුද ඉවත් කිරීමේ අවදානම අඩු කරන බව පෙන්වා දී ඇත.

 මීට අමතරව, ඔවුන්ගේ ගම්මිරිස් රසය අඩු සෝඩියම් දීසි වලට රසවත් එකතු කිරීමක් කරයි.


 13. අන්නාසි

 දොඩම්, කෙසෙල් සහ කිවි වැනි නිවර්තන පලතුරු වල පොටෑසියම් ඉතා ඉහළය.

 වාසනාවකට මෙන්, අන්නාසි වකුගඩු ආබාධ ඇති අයට මිහිරි, අඩු පොටෑසියම් විකල්පයක් කරයි.

 තවද, අන්නාසි වල තන්තු, බී විටමින්, මැන්ගනීස් සහ බ්‍රොමේලයින් බහුලව අඩංගු වන අතර එය දැවිල්ල අඩු කිරීමට උපකාරී වන එන්සයිමයකි.


Tuesday, October 8, 2019

නින්දෙන් මූත්‍රා පිටවීම හෙවත් ශයියා මූත්‍රය



ඔබේ දරුවාටත් නින්දෙන් මූත්‍රා පිටවනවාද. රාත්‍රීයට නින්දට පෙර මූත්‍රා කර නිදි කලත් මෙය වෙනවාද එසේනම් මෙය රෝගී තත්වයක්. 

මෙය කුඩා දරුවන්ට ඇතිවන රෝගයක්. ආයුර්වේදයේ මෙය හදුන්වන්නේ ශයියා මූත්‍රය නමින්. මෙය රෝග අවස්ථාවක් වුවත් මූත්‍රාශයේ  දෝෂ තත්වයක් හෝ විකෘති තත්වයක් නිසා ඇති නොවේ. 

විශේෂයෙන් රාත්‍රී කාලයේ දරුවාට තද නින්දේ සිටියදී මෙය සිදුවේ. වයස අවුරුදු 4 ට හෝ 6ට පෙර දරුවන් අතර බහුලව දක්නට ලැබේ. එහෙත් වයස 6න් පසු දරුවන්ටද මෙම අවස්ථාවට මුහුණදීමට සිදුවේ. මෙම රෝගයට ගොදුරුවූ දරුවන් සිටින දෙමාපියන් තම පරම්පරාවේ දියවැඩියා රෝගය නොතිබේනම් බියවිය යුතු නොවේ. 

ඇතැම් දරුවන්ට නිතර කේන්ති යාමේදී, අධික ලෙස හැඩීමේදී, සිනාසීමේදී මුත්‍රා දරාගත නොහැකිව ඉබේම පිටවීමක් පෙන්වයි. එය මෙම රෝගී අවස්ථාව හා සම්බන්ද නොවේ. එහිදී සිදුවන්නේ ස්නායු වල යම් දුර්වලතාවයක් නිසා මූත්‍රාශයේ මූත්‍රා පිටවීම පාලනය කල නොහැකි වීමයි. 

ඇතැම් වකුගඩු රෝග නිසාද, තවත් රෝගයක උපද්‍රවයක් නිසාද, මානසික පීඩනය, කම්පනය වැඩිවීම නිසාද මෙම රෝගී තත්වය ඇතිවේ. 

රෝගී අවස්ථාව ඇතිවීමට හේතු 
  • විශේෂයෙන් දරුවා නිදන ඇද තද උෂ්ණ ගතියකින් යුක්ත වීම.
  • දරුවාට නිතර තරවටු කිරීම බය කිරීම.
  • මානසික පීඩනයට ලක් කිරීම.
  • මානසික තනිකම.
  • පණු රෝග.
  • මූත්‍ර වල අධික අම්ල ගතිය. වැඩිපුර වතුර පානය කිරීම හෝ පැණි රස ආහාර වැඩිපුරම ආහාරයට ගැනීම.
  • පරම්පරාගතව දියවැඩියා රෝගය ඇති පවුල්.
  • අපස්මාරය සෑදෙන පවුල්.
මෙවන් අවස්ථා තිබේ නම් එය කුඩා දරුවන්ගේ ශයියා මූත්‍ර රෝග අවස්ථාවට හේතු වේ.
එබැවින් මෙවන් දරුවන් සිටින මවකට කගකීම් බහුල වේ. දිනපතා දරුවාගේ ඇද ඇතිරිලි සේදීමට ලක් කිරීම, කොට්ට මෙට්ට අව්වේ දමා වියැලීම කල යුතුය.
දෙමාපියන් දරුවා පිළිබඳ හොද අවධානයෙන් සිටිය යුතුයි. දරුවාට දැනුම් තේරුම් වයස වන විට ඉබේම රෝගය අඩුවන අවස්ථා තිබේ. 

මේ සදහා ප්‍රතිකාර 
  • පළමුව මවගේ මනා පාලනයයි. රාත්‍රීයට නින්දට ප්‍රථම දරුවා මුත්‍රා කිරීමට පුරුදු කළ යුතුය. එසේම සවස 5න් පසු අධික ලෙස පැණි රස දියර වර්ග පානයට නොදිය යුතුය.
  • මුත්‍රා වල අම්ල ගතිය වැඩි නම්, මුත්‍රා කිරීමේදී දැවිල්ල ගතිය පවසයි නම්, මුත්‍රා කළ පසු අධික උෂ්ණ ගතියක් ඒ නම් ඒ සදහා සුදුසු ප්‍රතිකාර කළ යුතුයි. 
  • සුදුසු වෛද්‍යවරයෙකු ලගට ගොස් මුත්‍රා පිරිසිදු කර දැවිල්ල අඩුවීමට ප්‍රතිකාර ගත යුතුයි.
  • තවද රාත්‍රියේ නින්දෙන් දරුවාව අවදි කරවා නැවත වරක් මුත්‍රා කිරීමට පුරුදු කිරීම.
  • දරුවාට සැර වීම, තරවටු කිරීම , බය කිරීම ආදියෙන් වැළකීම.
  • රාත්‍රීයට නින්දට පෙර මීපැණි තේ හැන්දක් පානයට දීම ද ඉතා සුදුසු වේ. 
  • පණු රෝග පවතී නම් එ සදහා සුදුසු ඖෂධ ගත යුතුයි. මෘදු විරේක දීම වඩාත් සුදුසුයි.
මෙවන් ප්‍රතිකාර වලෛන් මෙම රෝගය පාලනය කිරීමට දෙමාපියන්ට හැකියාව තිබේ. 
තවද දරුවාට නිතර ආදරය කරුණාව දක්වන්නේ නම්, නිතරම දරුවා සමග සම්බන්ධ වී කටයුතු කරන්නේ නම්, ඒ තුළින් දරුවාගේ මානසික තනිකම නැතිවී යයි. එවිට රෝගයද පාලනය වේ. ඒ සදහා ඖෂධීය ප්‍රතිකාර කිසිදු විටක අවශ්‍ය නොවේ.  අවශ්‍ය වන්නේ මව හෝ පියා විසින් දෙනු ලබන ආදරය සහ සෙනෙහසයි. එවිට දීර්ඝ ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

උපුටා ගැනීමකි. 

Sunday, October 6, 2019

නිදන්ගත වකුගඩු රෝගය


නිදන්ගත වකුගඩු රෝගය, නිදන්ගත වකුගඩු අකර්මන්‍යතාවය ලෙසද හැඳින්වේ, වකුගඩු ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් නැතිවීම විස්තර කරයි.  ඔබේ වකුගඩු මඟින් ඔබේ රුධිරයෙන් අපද්‍රව්‍ය හා අතිරික්ත තරල පෙරීම සිදු කරයි.  නිදන්ගත වකුගඩු රෝගය දියුණු අවධියකට පැමිණි විට, භයානක තරල, ඉලෙක්ට්‍රෝටයිට් සහ අපද්‍රව්‍ය ඔබේ ශරීරයේ වර්ධනය විය හැකිය.

 නිදන්ගත වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කිරීම වකුගඩු හානියේ ප්‍රගතිය මන්දගාමී කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.  කෘතිම පෙරීම (ඩයලිසිස්) හෝ වකුගඩු බද්ධ කිරීමකින් තොරව මාරාන්තික වන නිදන්ගත වකුගඩු රෝගය අවසාන අවධියේ වකුගඩු අකර්මන්‍ය වීම දක්වා වර්ධනය විය හැකිය

 වකුගඩු හානිය සෙමින් වර්ධනය වුවහොත් කාලයත් සමඟ නිදන්ගත වකුගඩු රෝගයේ සංකූලතා සහ රෝග ලක්ෂණ වර්ධනය වේ.

වකුගඩු රෝගයේ සංකූලතා සහ රෝග ලක්ෂණ
  •  ඔක්කාරය
  • වමනය
  • ආහාර රුචිය නැතිවීම
  • තෙහෙට්ටුව සහ දුර්වලතා
  • නින්දේ ගැටලු
  • මූත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම
  • කකුල් පතුල් වලලුකර ඉදිමීම 
  • අත්පා කැසීම සහ තුවාල
  • කටේ ලෝහ මලකඩ රසයක් දැනීම
  • පපුවේ පැත්තක වේදනාවක් හෝ පීඩනයක් දැනීම
  • බර අඩුවීම

 වකුගඩු රෝගයේ සංකූලතා සහ රෝග ලක්ෂණ බොහෝ විට නිශ්චිත නොවන අතර, එයින් අදහස් වන්නේ ඒවා වෙනත් රෝගාබාධ නිසා ද ඇතිවිය හැකි බවයි.  ඔබේ වකුගඩු ඉතා අනුවර්තනය වී ඇති අතර නැතිවූ ක්‍රියාකාරිත්වයට වන්දි ගෙවිය හැකි බැවින්, ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවන තුරු සංකූලතා සහ රෝග ලක්ෂණ නොපෙන්වයි.

 වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කවදාද?

 ඔබට වකුගඩු රෝගයේ යම් සලකුණු හෝ රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්‍යවරයා හමුවීමක් කරන්න.

 ඔබට වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන වෛද්‍යමය තත්වයක් තිබේ නම්, නිතිපතා කාර්යාල චාරිකා වලදී ඔබේ වෛද්‍යවරයා ඔබේ රුධිර පීඩනය හා වකුගඩු ක්‍රියාකාරිත්වය මුත්‍රා හා රුධිර පරීක්ෂණ මගින් නිරීක්ෂණය කරනු ඇත.  මෙම පරීක්ෂණ ඔබට අවශ්‍ය දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

 නිදන්ගත වකුගඩු රෝගයක් සිදුවන්නේ යම් රෝගයක් හෝ තත්වයක් වකුගඩු ක්‍රියාකාරිත්වයට බාධාවක් වන අතර මාස කිහිපයක් හෝ අවුරුදු ගණනක් තුළ වකුගඩු හානිය නරක අතට හැරේ.

නිදන්ගත වකුගඩු රෝගයට හේතු වන රෝග සහ තත්වයන්.
  •  පළමු වර්ගයේ හෝ දෙවන වර්ගයේ දියවැඩියාව
  • අධි රුධිර පීඩනය
  • ග්ලෝමෙරුලෝන්ෆ්‍රයිටිස් (ග්ලෝ-මෙර්-යූ-ලෝ-නු-ෆ්‍රයි-ටිස්), වකුගඩු පෙරීමේ ඒකකවල දැවිල්ල (ග්ලෝමෙරුලි)
  • අතරමැදි නෙෆ්‍රිටිස් (ඉන්-ටර්-ස්ටිෂ්-උල් නු-ෆ්‍රයි-ටිස්)  , වකුගඩු නාල වල හා අවට ව්‍යුහයන්ගේ දැවිල්ලකි.
  • බහු අවයවික වකුගඩු රෝගය
  • විශාල කරන ලද පුරස්ථි ග්‍රන්ථිය, වකුගඩු ගල් සහ සමහර පිළිකා වැනි තත්වයන්ගෙන් මුත්‍රා  මාර්ගයට දිගින් දිගට බාධා කිරීම.
  • වෙසිකුරේටරල් (ves-ih-koe-yoo-REE-tur-ul) පරාවර්තනය  ඔබේ වකුගඩුවලට මුත්‍රා  නැවත උපස්ථ වීමට හේතු වේ.

 නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි සාධක.
  •  දියවැඩියාව
  • අධි රුධිර පීඩනය
  • හෘද හා රුධිර වාහිනී (හෘද වාහිනී) රෝග
  • දුම් පානය කිරීම
  • අප්‍රිකානු-ඇමරිකානු, ස්වදේශික ඇමරිකානු හෝ ආසියානු-ඇමරිකානු වකුගඩු රෝගයේ පවුල් ඉතිහාසය
  • අසාමාන්‍ය වකුගඩු ව්‍යුහය
  • වැඩිහිටි වයස 

 සංකූලතා

 නිදන්ගත වකුගඩු රෝගය ඔබේ ශරීරයේ සෑම කොටසකටම බලපායි.  විය හැකි සංකූලතා වලට ඇතුළත් විය හැකිය:

  •  ඔබේ අත් සහ කකුල් ඉදිමීම.
  • අධි රුධිර පීඩනය හෝ ඔබේ පෙණහලුවල තරලය විය හැකි තරල රඳවා තබා ගැනීම.
  •  ඔබේ රුධිරයේ පොටෑසියම් මට්ටම හදිසියේ ඉහළ යාම (හයිපර්කලේමියාව), එමඟින් ඔබේ හෘදයේ ක්‍රියාකාරිත්වයට ඇති හැකියාව අඩාල විය හැකිය. 
  • ජීවිතයට තර්ජනයක් වන්න හෘද හා රුධිර වාහිනී (හෘද වාහිනී) රෝග හා අස්ථි බිඳීම් වැඩි වීමේ අවදානම
  • රක්තහීනතාවය
  • ලිංගිකත්වය, ශිෂ්ණය සෘජු  වීම හෝ සාරවත් බව අඩු කිරීම
  • ඔබේ මධ්යම ස්නායු පද්ධතියට හානි වීම, සාන්ද්රණය, පෞරුෂ වෙනස්වීම් හෝ අල්ලා ගැනීම් වලට හේතු විය හැක. 
  • ආසාදනයට ගොදුරු විය හැකි පෙරිකාර්ඩයිටිස්, ඔබේ හදවත ආවරණය කරන පූජනීය පටලයක දැවිල්ල (පෙරිකාර්ඩියම්)
  • මවට අවදානම් ගෙන දෙන ගර්භණී සංකූලතා සහ වර්ධනය වන කලලරූපය ඔබේ වකුගඩු වලට ආපසු හැරවිය නොහැකි හානියක්(අවසාන අවධියේ වකුගඩු රෝගය), අවසානයේදී ඩයලිසිස් හෝ වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වේ.

 වකුගඩු රෝග ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා:

  •  ප්‍රති- ඖෂධ පිළිබඳ උපදෙස් අනුගමනය කරන්න.  ඇස්පිරින්, ඉබුප්රොෆෙන් (ඇඩ්විල්, මොට්රින් අයිබී, වෙනත්) සහ ඇසිටමිනොෆෙන් (ටයිලෙනෝල්, වෙනත්) වැනි වේදනා නාශක භාවිතා නොකරන විට, පැකේජයේ ඇති උපදෙස් අනුගමනය කරන්න. 
  •  වේදනා නාශක වැඩිපුර ගැනීමෙන් වකුගඩු හානි සිදුවිය හැකි අතර සාමාන්‍යයෙන් ඔබට වකුගඩු රෝගයක් ඇත්නම් එය වළක්වා ගත යුතුය.  මෙම ඖෂධ ඔබට ආරක්ෂිත දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න. 
  • සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න.  ඔබ නිරෝගී බරකින් යුක්ත නම්, සතියේ බොහෝ දිනවල ශාරීරිකව ක්‍රියාකාරී වීමෙන් එය නඩත්තු කිරීමට කටයුතු කරන්න.  ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීමේ උපාය මාර්ග ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.  බොහෝ විට මෙයට දෛනික ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම සහ කැලරි අඩු කිරීම ඇතුළත් වේ. 
  • දුම් පානය නොකරන්න.  සිගරට් පානය කිරීමෙන් ඔබේ වකුගඩු වලට හානි සිදුවිය හැකි අතර පවතින වකුගඩු හානිය තවත් නරක අතට හැරෙනු ඇත.  ඔබ දුම් පානය කරන්නෙක් නම්, දුම්පානය නතර කිරීමේ උපාය මාර්ග ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.  උපකාරක කණ්ඩායම්, උපදේශනය සහ ඖෂධ සියල්ලම ඔබට නැවැත්වීමට උපකාරී වේ.ඔබගේ වෛද්‍ය තත්වයන් ඔබේ වෛද්‍යවරයාගේ සහාය ඇතිව කළමනාකරණය කරන්න.  
  • ඔබට වකුගඩු රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන රෝග හෝ තත්වයන් තිබේ නම්, ඒවා පාලනය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ වැඩ කරන්න.  වකුගඩු හානිවීමේ සලකුණු සොයා බැලීමට ඔබේ වෛද්‍යවරයාගෙන් පරීක්ෂණ ගැන විමසන්න.


උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.