හිසරදය කියන්නේ බාල මහළු කොයි කාටත් නිතර හැද්‍ර්න ලෙඩක්. මේ සදහා මේ සදහා විවිධ බාම් වර්ග වෙළදපොලේ තිබෙනවා. වාණිජ මට්ටමින් ආයුර්වේද බාම් වර්ග නිෂ්පාදනය කරනකොට ගුණාත්මක තත්වය ගැන හිතන්න ටිකක් අමාරුයි. එහෙමයි කියලා ආයුර්වේද ශීර්ෂාලේප වල ගුණය ගැන අඩු තක්සේරු කරන්න හොද නෑ. ආයුර්වේද කියන්නේ පුදුමාකාර ලෙස ස්වභාව ධර්මය මිනිසාගේ සුවයට සනීපයට යොදාගත් දුර්ලභ දැනුම් සම්භාරයක්.
අද ඔබට හදුන්වා දෙන්නේ අති විශ්මිත සුවයක් ගෙන දෙන විශ්මිත ආයුර්වේද බාම් එකක්. මේ ආයුර්වේද බාම් එක ඔබ හැදුවේ නැතත් මේ වට්ටෝරුව පරිස්සම් කරල තියාගන්න කවදහරි ඔබට වැදගත් වේවි.
මේ බාම් එකෙන් හිසරදය, ඉරුවාරදය සනීපවෙනවා පමණක්ම නොවෙයි. මානසික වශයෙන් ස්නායු ලිහිල් කරනවා. ඒ නිසාම මානසික පීඩනය අවම කරනවා. දෑස් පියාගෙන මේ සුවය ඔබට විදින්න පුළුවන්.
විශ්මිත ආයුර්වේද බාම් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
- ලැවෙන්ඩර් ඔයිල් මේස හැදි 2 ක්
- කොහොඹ තෙල් මේස හැදි 2 ක්
- තැඹිලි තෙල් මේස හැදි 1 ක්
- වියලාගත් සමන් පිච්ච මල් 50 ක්
- කුරුදු තෙල් මේස හැදි 1 ක්
- සුදු සදුන් තෙල් මේස හැදි 1 ක්
- ඉගුරු ඉස්ම තේ හැදි 1 ක්
- පැරපින් ඉටි හෝ මී ඉටි මේස හැදි 4 ක්
සාදාගන්නා ක්‍රමය
- සාස්පානක් ලිප තියන්න. ඒකට වතුර කෝප්පයක් දමන්න. මේ සාස්පානට උඩින් තවත් සාස්පානක් තියන්න. යට සාස්පානෙන් එන හුමාලය වදින ලෙසයි එය තැබිය යුත්තේ. දැන් උඩින් තැබූ සාස්පානය පැරපින් ඉටි හෝ මී ඉටි දමාන්න. හොදින් දියවෙන්න දෙන්න.
- දැන් ලිපෙන් පිටතට ගෙන එයට සියළුම තෙල් වර්ගත්, ඉගුරු ඉස්මත්, වියලාගත් සමන් පිච්ච මල් ටිකත් දමන්න. හොදින් මිශ්‍ර කරන්න.
- දැන් මේ මිශ්‍රණය ෆාමසියකින් ගත් පිරිසිදු බාම් බදුනක දමා තබන්න. ටික වේලාවකින් මේ මිශ්‍රණය ඝන වෙනවා.
- ඉන්පසු පාවිච්චියට ගන්න.
සාමාන්‍ය බාම් එකක් ගාන ලෙසම ගාන්න පුළුවන්. ඉතාම සුවදැති මේ ආයුර්වේද බාම් වර්ගය අති දුර්ලභ එකක් බවත් එය සාමන්‍ය කඩෙන් ගන්නා බාම් වර්ග වලට වඩා සිය ගුණයක් ගුණදෙන ආලේපනයක් බවත් මතක තබාගන්න.
උපුටා ගැනීමකි.





