Tuesday, December 3, 2019

රෝග රැසකට ගුණදෙන කොළ කැද පානයක්....



අද ඔබට අප ලබා දෙන්නේ විශ්මිත කොළ කැද පානයක්. බොහෝමයක් ආයුර්වේද පොත පතේ ආමය හෙවත් නොදිරවූ ආහාරය රෝග රැසකට මුල් වන බවත් අර්ශස් රෝග සහ බඩවැල් රෝග ඇති වන්නේ ඒ නිසා බවත් දක්වා තිබෙනවා. ඒ සියල්ල සදහා මේ කොළ කැද පානය සුදුසුයි.

එය විශ්මිත ගුණ දෙන කොළ කැද පානයක් වනවා. වාතය නසනවා. අර්ශස් සුව කරනවා. කොලෙස්ට්‍රෝල් අවම කරනවා. දියවැඩියාව නසනවා. ශරීරය ප්‍රබෝධමත් කරනවා. හොදින් මළපහ පිටකරනවා. මූත්‍රා ආසාදනය නසනවා. වගේම ප්‍රතිජීවනය දෙනවා. මෙම පානය නම් කර තිබෙන්නේ ජීවානන්ද කොළ කැද පානය ලෙසයි.


කොළ කැද පානය සාදාගැනීමට අවශ්‍ය දේවල් 

  • නාඩු හාල් හුණ්ඩු බාගයක්
  • පොල් මිටක්
  • හීනටි හාල් මේස හැදි 1ක්
  • සුදුලූණු බික් 5ක්
  • පැණි ඔළිද ඇට කොළ මිටක්
  • කරපිංචා කොළ මිටක් 
  • හීන් බෝවිටියා කොළ මිටක් 
  • කොහිල දළු මිටක්
  • කරල් හැබ කොළ මිටක් 
  • මොණරකුඩුම්බිය කොළ මිටක් 
  • බීම සදහා හොද කිතුල් හකුරු කැබැල්ලක් 
සාදාගන්නා ආකාරය 
  • සියළුම කොළ වර්ග ලී වංගෙඩියක කොටා යුෂ ගන්න. බ්ලෙන්ඩරයට දමන්න එපා. පොල්ද එයටම දමා කොටා යුෂ ගන්න. වෙනම පොල් කිරි හදාගන්න එපා.
  • නාඩු හාල් ලිපේ තියන්න. තැම්බීගෙන එද්දී හීන්ටි හාල් යොදන්න.
  • එයට යන්තමට තලාගත් සුදුලූණු බික් ටිකත් දමන්න. මෙය නොදමා ඉන්න එපා එය දැමිය යුතුමයි.
  • දැන් කැද හැදීගෙන එද්දී එයට කොළ යුෂ ටික පෙරා දමන්න. හොදින් හැදි ගාන්න. 
  • කැද හැදුණු පසුව වීදුරු 2 කට දමාගන්න. එකක් ඔබ බොන්න. අනෙක ඔබ ආදරය කරන් කෙනෙකුට දෙන්න. ඒක දිව්‍ය පානයක්.
මෙය සෑම දිනකම පානය කරන්න. මෙය පානය කර පැය 3ක් යන තෙක් කිසිම ආහාරයක් ගන්න එපා. තේ එකක් වත් බොන්න එපා. පැය 3කට පසු සැහැල්ලු ආහාරයක් ගන්න.

උපුටා ගැනීමකි. 



No comments:

Post a Comment