Saturday, December 14, 2019

නිතරම වැලදෙන සෙම්ප්‍රතිශ්‍යාව



වත්මන් සමාජයේ සෙම් රෝගවලින් පීඩා විදින්නෝ අපමණය. මෙසේ සෙම් රෝග ඇති වීමට මුල් වන කරුණු අතර බාහිරින් ශරීරගත වන විෂබීජ වර්ග නිසා සෙම නරක් වීම එක් හේතුවක් වන අතර, ශරීර අභ්‍යන්තරයේම ඇති වන දෝෂ දුශ්‍යතා ඇතුලු නොයෙක් විෂමතා ද ප්‍රධාන කාරණා වශයෙන් සැලකේ. ශරීර අභ්‍යන්තරයට බාහිරින් ඇතිවන ඇතුළු වන විෂ අණු සහ ශරීර අභ්‍යන්තරයේම හටගන්නා විෂ වර්ග වලට විරුද්ධව සෙම සටන් කරයි. සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණත් එසේ මාරන්තික විෂකි. නමුත් දින කීපයක් හෝ ඇතුලත සෙම ප්‍රකෝප වී සටක් කර එම විෂ මැඩ හෙළීමේ ප්‍රතිශක්තිජනක හැකියාවක් සෙම් ධාතුවේ පවතී.

මෙසේ මැරුණු විෂ සෛල සහ ශ්ලේශ්මල පටල දූෂිත පරිසර ආශ්‍රයෙන් ශරීර ගත වන වෙනත් ආගන්තුක බාහිර විෂමතාද සම්මිශ්‍රව තව දුරටත් නරක් වූ විෂ සහිත දියර සෙම ස්පර්ශ වීම හේතුකොට නාසා ග්‍රන්ථි ඉදිමීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා, දාහය, කිවිසුම් යාමෙන් ඇතිවන පීඩනය නිසා කර්ණනාල ගතවන දියර සෙම නරක් වීම නිසා හට ගන්නා කර්ණශූල, කන්වලින් සැරව ගැලීම, දුර්ගන්ධය, සොටු දිය ගැලීම. ඇස් රතු වී කබ කදුළු ගැලීම, උගුර රිදීම, කැසීම, වේගවත් නාඩිය, උණ, මන්දාග්නිය සහ තවත් උර්ධවගත, උභයගත උපද්‍රව රාශියක් ඇති කරන ප්‍රතිශ්‍යාව ඉතා අනතුරුදායක රෝග අවස්ථාවකි.

සෙම් ප්‍රතිශ්‍යාව වැළදී විට සෙම පැසවා නිසි පරිදි ඒවා ඉවත්ව යන තුරු ස්නානය යෝග්‍ය නොවේ. වෛරසයට විරුද්ධ ශාරීරික ප්‍රතිශක්ති වර්ධනය සදහා අමු ඉගුරු, කොත්තමල්ලි තම්බා කීප වරක් බීම සුදුසුයි. සෙම් කෝපය වැඩිනම් කොත්තමල්ලි බැද පියලි කර 20g, වියළි ඉගුරු 15g, මදක් තලා වතුර පත අට එකට සිද පෙරා උදේ සවස දෙවේලට පානය කළ යුතුය. ඊටම නවරත්න කල්කය මදටිය ඇට 1- 2 ප්‍රමාණයට දියකර බොන්න. සෙම සමනයවේ.

ප්‍රතිශ්‍යාව සමග උණ ඇතිවීම බොහෝ විට සිදුවේ. එවැනි අවස්ථා වල උණ සහ සෙම් ප්‍රතිශ්‍යාව යන ද්‍ර්කම මැඩපැවැත්වීමට ප්‍රතිකාර යෙදිය යුතුයි. ප්‍රතිශ්‍යා උණෙහි දී පළමුවෙන්ම වියළි ඉගුරු, කොත්තමල්ලි, වියළි තිප්පිලි කරල් සුදුසු අනුපාතයට ගෙන මදක් කබලේ බැද මදක් තලාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් ලිප තබා උතුරන විට ඉහත බෙහෙත් මිශ්‍ර කර හැලිය වසා හොදින් තැම්බීමට හැර පසුව බීමට අවශ්‍ය ප්‍රමාණය අරං තබා නැවත වසා උතුරුවා හැලිය බිම තබා මුහුණට හොදින් දුම් වදින සේ දුම් හැලියට සෑහ්‍ර්න උසකින් නැමී සිට හිස සහ හැලිය වැසෙන සේ රෙද්දකින් වසා පොරවා මුහුණ පා සිට මුට්ටියේ දුම මුහුණට හොදින් ස්පර්ශ වන ආකාරයට ටික ටික පහත් වෙමින් මුහුණ බදුනට ලංකර දුම් අල්ලන්න.

මෙය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. විෂ අණු විනාශ කිරීම සදහා ආයුර්වේදයේ එන අගනා භෞතචිකිත්සා ක්‍රමයකි. මෙහෙ සදහන් සියලු ප්‍රතිකාර කුඩා දරුවන්ට කිරීමේදී වෛද්‍ය උපදෙස් නිමැතිව නොකල යුතුයි. එසේ ආරක්ෂාව සහිතව වෙදු පෑමෙන් පසු කළ යුත්තේ සෑදූ ඔසු පැන් කොටස සුදුසු පමණට කීප වරක් පානය කිරීමයි. අනුපානයට ගන්නේ සීනිය.

තවද දෙහි, දොඩම්, නාරං, යකිනාරං, පඹුරු ආදී පස් පැගිරි කොළ තම්බා දුම් ඇල්ලීම ද සෙම්ප්‍රතිශ්‍යාවට අගනා ප්‍රතිකාරයකි.



සම්මානලාභී විද්‍යාපති වෛද්‍ය කීර්ති පණ්ඩිත
ර. මු. ධර්මදාස රන්පත වෙද මහතා

උපුටා ගැනීමකි.

Tuesday, December 3, 2019

රෝග රැසකට ගුණදෙන කොළ කැද පානයක්....



අද ඔබට අප ලබා දෙන්නේ විශ්මිත කොළ කැද පානයක්. බොහෝමයක් ආයුර්වේද පොත පතේ ආමය හෙවත් නොදිරවූ ආහාරය රෝග රැසකට මුල් වන බවත් අර්ශස් රෝග සහ බඩවැල් රෝග ඇති වන්නේ ඒ නිසා බවත් දක්වා තිබෙනවා. ඒ සියල්ල සදහා මේ කොළ කැද පානය සුදුසුයි.

එය විශ්මිත ගුණ දෙන කොළ කැද පානයක් වනවා. වාතය නසනවා. අර්ශස් සුව කරනවා. කොලෙස්ට්‍රෝල් අවම කරනවා. දියවැඩියාව නසනවා. ශරීරය ප්‍රබෝධමත් කරනවා. හොදින් මළපහ පිටකරනවා. මූත්‍රා ආසාදනය නසනවා. වගේම ප්‍රතිජීවනය දෙනවා. මෙම පානය නම් කර තිබෙන්නේ ජීවානන්ද කොළ කැද පානය ලෙසයි.


කොළ කැද පානය සාදාගැනීමට අවශ්‍ය දේවල් 

  • නාඩු හාල් හුණ්ඩු බාගයක්
  • පොල් මිටක්
  • හීනටි හාල් මේස හැදි 1ක්
  • සුදුලූණු බික් 5ක්
  • පැණි ඔළිද ඇට කොළ මිටක්
  • කරපිංචා කොළ මිටක් 
  • හීන් බෝවිටියා කොළ මිටක් 
  • කොහිල දළු මිටක්
  • කරල් හැබ කොළ මිටක් 
  • මොණරකුඩුම්බිය කොළ මිටක් 
  • බීම සදහා හොද කිතුල් හකුරු කැබැල්ලක් 
සාදාගන්නා ආකාරය 
  • සියළුම කොළ වර්ග ලී වංගෙඩියක කොටා යුෂ ගන්න. බ්ලෙන්ඩරයට දමන්න එපා. පොල්ද එයටම දමා කොටා යුෂ ගන්න. වෙනම පොල් කිරි හදාගන්න එපා.
  • නාඩු හාල් ලිපේ තියන්න. තැම්බීගෙන එද්දී හීන්ටි හාල් යොදන්න.
  • එයට යන්තමට තලාගත් සුදුලූණු බික් ටිකත් දමන්න. මෙය නොදමා ඉන්න එපා එය දැමිය යුතුමයි.
  • දැන් කැද හැදීගෙන එද්දී එයට කොළ යුෂ ටික පෙරා දමන්න. හොදින් හැදි ගාන්න. 
  • කැද හැදුණු පසුව වීදුරු 2 කට දමාගන්න. එකක් ඔබ බොන්න. අනෙක ඔබ ආදරය කරන් කෙනෙකුට දෙන්න. ඒක දිව්‍ය පානයක්.
මෙය සෑම දිනකම පානය කරන්න. මෙය පානය කර පැය 3ක් යන තෙක් කිසිම ආහාරයක් ගන්න එපා. තේ එකක් වත් බොන්න එපා. පැය 3කට පසු සැහැල්ලු ආහාරයක් ගන්න.

උපුටා ගැනීමකි. 



Wednesday, November 27, 2019

විශ්මිත ශීර්ෂාලේපයක් ගෙදරදීම හදාගන්න.....



හිසරදය කියන්නේ බාල මහළු කොයි කාටත් නිතර හැද්‍ර්න ලෙඩක්. මේ සදහා මේ සදහා විවිධ බාම් වර්ග වෙළදපොලේ තිබෙනවා.  වාණිජ මට්ටමින් ආයුර්වේද බාම් වර්ග නිෂ්පාදනය කරනකොට ගුණාත්මක තත්වය ගැන හිතන්න ටිකක් අමාරුයි. එහෙමයි කියලා ආයුර්වේද ශීර්ෂාලේප වල ගුණය ගැන අඩු තක්සේරු කරන්න හොද නෑ. ආයුර්වේද කියන්නේ පුදුමාකාර ලෙස ස්වභාව ධර්මය මිනිසාගේ සුවයට සනීපයට යොදාගත් දුර්ලභ දැනුම් සම්භාරයක්.

අද ඔබට හදුන්වා දෙන්නේ අති විශ්මිත සුවයක් ගෙන දෙන විශ්මිත ආයුර්වේද බාම් එකක්. මේ ආයුර්වේද බාම් එක ඔබ හැදුවේ නැතත් මේ වට්ටෝරුව පරිස්සම් කරල තියාගන්න කවදහරි ඔබට වැදගත් වේවි.

මේ බාම් එකෙන් හිසරදය, ඉරුවාරදය සනීපවෙනවා පමණක්ම නොවෙයි. මානසික වශයෙන් ස්නායු ලිහිල් කරනවා. ඒ නිසාම මානසික පීඩනය අවම කරනවා. දෑස් පියාගෙන මේ සුවය ඔබට විදින්න පුළුවන්.

විශ්මිත ආයුර්වේද බාම් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය 

  1. ලැවෙන්ඩර් ඔයිල් මේස හැදි 2 ක් 
  2. කොහොඹ තෙල් මේස හැදි 2 ක් 
  3. තැඹිලි තෙල් මේස හැදි 1 ක් 
  4. වියලාගත් සමන් පිච්ච මල් 50 ක්
  5. කුරුදු තෙල් මේස හැදි 1 ක් 
  6. සුදු සදුන් තෙල් මේස හැදි 1 ක් 
  7. ඉගුරු ඉස්ම තේ හැදි 1 ක් 
  8. පැරපින් ඉටි හෝ මී ඉටි මේස හැදි 4 ක්
සාදාගන්නා ක්‍රමය
  • සාස්පානක් ලිප තියන්න. ඒකට වතුර කෝප්පයක් දමන්න. මේ සාස්පානට උඩින් තවත් සාස්පානක් තියන්න. යට සාස්පානෙන් එන හුමාලය වදින ලෙසයි එය තැබිය යුත්තේ. දැන් උඩින් තැබූ සාස්පානය පැරපින් ඉටි හෝ මී ඉටි දමාන්න. හොදින් දියවෙන්න දෙන්න. 
  • දැන් ලිපෙන් පිටතට ගෙන එයට සියළුම තෙල් වර්ගත්, ඉගුරු ඉස්මත්, වියලාගත් සමන් පිච්ච මල් ටිකත් දමන්න. හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් මේ මිශ්‍රණය ෆාමසියකින් ගත් පිරිසිදු බාම් බදුනක දමා තබන්න. ටික වේලාවකින් මේ මිශ්‍රණය ඝන වෙනවා.
  • ඉන්පසු පාවිච්චියට ගන්න.
සාමාන්‍ය බාම් එකක් ගාන ලෙසම ගාන්න පුළුවන්. ඉතාම සුවදැති මේ ආයුර්වේද බාම් වර්ගය අති දුර්ලභ එකක් බවත් එය සාමන්‍ය කඩෙන් ගන්නා බාම් වර්ග වලට වඩා සිය ගුණයක් ගුණදෙන ආලේපනයක් බවත් මතක තබාගන්න.

උපුටා ගැනීමකි.


Sunday, November 24, 2019

ගෙදරදීම දිය හැකි හොදම අත් බෙහෙත් කිහිපයක්....




  • හිසේ ඇතිවන ඉස්හොරි තුවාල වලට 
බීට් අලයක් ගෙන එය තලා ඉස්ම ගෙන හිසේ ගල්වා පැය බාගයකට පසු නාන්න. සතියකට දෙතුන් වරක් දිගටම මේ ලෙස කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය.

  • දරුවන්ගේ කිරිපණු ගායට
ඇත්තෝර කොළ දළු ස්වල්පයක් එරබදු කොළ ස්වල්පයක් ගොටුකොළ මිටක් සමග දමා සම්බෝලයක් සාදා බත් සමග කන්නට දෙන්න. දින කිහිපයක් කන්නට දෙද්දී කිරිපණුවන් හැලී කිරි පණු ගාය සුවවේ.

  • බඩගිනි නොඑන අයට
මුං ඇට තම්බා වතුර බොන්න. ඉන් බඩගිනි වැඩේ.

  • රාත්‍රියට නින්ද නොයන අයට
රෑ ආහාරයත් සමග රතුලූනු බික් තුන හතරක් අමුවෙන් කන්න. ටික වෙලාවකින් තද නිදිමත ගතියක් එයි.

  • මුඛ දුර්ගන්ධයට
කට ගද සමහර අයට ලොකු හිසරදයක්. කොතරම් දත් මැද්දත් කුමන දත් බෙහෙත් පාවිච්චි කළත් කට ගද නැතිවෙන්නේ නැති අවස්ථා තිබෙනවා. එහෙම අය නිතර නිතර කොත්තමල්ලි ඇට කිහිපයක් විකලා කන්න. දින තුන හතරක් මෙහෙම කරද්දී ඉබේම කටගද නැතිවෙනවා.

  • අධික මත්පැන් ගැනීම නිසා ඇතිවන මතට
කංකුං මිටක් ගෙන එය තලා ඉස්ම රැගෙන බොන්නට දෙන්න. ඉන් මත තුනී වී යයි. වමනය ඇති වුවද වමනය යාමෙන් පසු මත් ගතිය අඩුවේ.

  • නිතර නිතර පොල් සම්බෝල කනවා නම්
පොල් සම්බෝලයට දමන අධික පොල් ප්‍රමාණය නිසා පොල් සම්බෝලය සමහර අයට අගුණ වෙන්නට පුළුවන්. රෑට පොල් සම්බෝල කෑවම රාත්‍රීය පුරා බඩ බුරුල් කරල යන බවක් නිතර අසන්නට ලැබෙනවා. මේ පීඩාවෙන් මිදෙන්නට නම් සම්බෝල හදද්දී ගම්මිරිස් ඇට ටිකකුත් ඊටම තලා දමන්න. එවිට පොල් සම්බෝලයෙන් බඩ බුරුල් කරවන ආම ගතියක් ඇතිවෙන්නේ නැහැ.

  • ඔසප් දිගටම ප්‍රමාද නම්
සූදුරු තම්බා බොන්න. ඉක්මනින් ඔසප් වෙයි. ටික ටික ඔසප් වෙනවා නම් ඒත් සූදුරු බොන්න. එවිට කඩින් කඩ යාම නැවතී එක දිගට ඔසප් වීම සිදුවේ. සූදුරු සමග බෙහෙත් බඩු කඩයෙන් ගත හැකි සතුකුප්පා තම්බා බීමෙන් හොද ප්‍රතිඵල ලැබේ.

  • බඩේ කැක්කුම ඉක්මනින් දුරු කරලන්නට
කරාබු නැටි කිහිපයක් විකා ගිලින්න. ඔබ හිතනවාට වඩා ඉක්මනින් බඩේ අමාරුව සන්සිදේ.

  • දරුවන්ගේ මුවින් පිටවන පණු කෙල නතර කිරීමටයි 
කරාබුනැටි හොදින් තලා එය වතුර කෝප්පයක දමා පැයක් පමණ තබන්න. පසුව දරුවාට එය නින්දට පෙර බොන්න දෙන්න. පණු වමනය වලකී.

  • සමේ ඇතිවන බිබිලි හා වෙනත් ආසාධබ අඩුකර ගැනීමට
හැමදාම නාන්නට පැය බාගයකට පෙර පිරිසිදු පොල්තෙල් ටිකක් ගෙන ශරීරය පුරාම ගල්වා මෘදුව සම්බාහනය කරන්න. පොල්තෙල් වල ඇති විෂ නසන ගුණයත් ධාතු බලයත් සමට ලැබෙනවා. පැය බාගයකට පසු නාන්න. දිගටම කිරීමෙන් සම වයසට යාම වැලකේ.

  • සම ඉක්මනට වයසට යනවානම්
හොද මීපැණි බෝතලයක් සොයාගෙන දිනපතා නාන්නට පෙර මීපැණි තේ හැදි 2 ක් ගෙන ශරීරය පුරාම ගල්වන්න. විශේෂයෙන් අත්වල දෙපා වල සහ මුහුණේ ගල්වන්න. පැය බාගයකට පසු නාන්න. දිගටම කිරීමෙන් සම වයසට යාම වැලකේ.

  • පිරිමි ළමයින්ගේ අණ්ඩග්‍රන්ථිය ඉදිමීමට
යොවුන් වියට පැමිණි පිරිමි ළමුන්ගේ අණ්ඩග්‍රන්ථිය ඉදිමීම සුලභ දෙයක්. රෝගයක් නොවුනත් බොහෝ අය මේ තත්වයට බිය වෙනවා. එවැනි දිනවල එක දිගට වැල්පෙනෙල තම්බා බොන්න. නැත්නම් වැල්පෙනෙල කැද බොන්න. ඉදිමුම බැසයයි.

  • දරුඵල ප්‍රමාදද
බිරිද හා සැමියා යන දෙදෙනාම එක දිගට වැල්පෙනෙල කැද බොන්න. නිසරු ඵල සරු වේ.

උපුටා ගැනීමකි.

Friday, November 15, 2019

අක්‍රීය වූ ස්නායු වලට ජීවය දෙන විශ්මිත පානය....



අද ලිපිය වෙන්වන්නේ අක්‍රීය වී ගිය ස්නායු වලට යලිත් ජීවය ලබා දෙන විශ්මිත පානයක් ගැනයි. දියවැඩියාව, අධික කොලෙස්ට්‍රෝල්, බඩවැල් වල ඇතිවන ආසාදන, ගැස්ට්‍රයිටිස්, මළබද්ධය, හිසරදය, දැඩි මානසික පීඩනය, විශාදය, සාංකාව, දුක යනාදි කාරණා නිසා මේ වෙද්දී ඔබේ ස්නායු පද්ධතියට දැඩි හානිවී තිබෙන්නට පුලුවන්. විශේෂයෙන් දියවැඩියාව ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් විනාශ කරනවා. ඒ නිසාම කෙනෙක් ශාරීරික රෝගියෙක් වීමට පෙර මානසික රෝගියෙක් විය හැකියි.

යහපත් සිහියක් නොමැතිකම, අමතකවීම, සාංකාව, කාරණාවක් නොමැතිව තැවීම, පසුතැවීම, නින්ද නොයෑම, විකාර අදහස් ඒම, කරන කිසිවක් සිහියකින් කරන්නට නොහැකිවීම යනාදී දහසක් ආපදාවන් ස්නායු පද්ධතිය අක්‍රීයවීම නිසා ඇතිවනවා.

අයෙක් නීරෝගී විය යුත්තේ කායිකව පමණක් නොව මානසිකවත් නීරෝගී අයෙක් විය යුතුයි. වයස අවුරුදු 50 පසුවූ අයට අමතකවන රෝගයක් ඇතිවෙනවා . නමුත් කෙනෙක්ගේ සිහිය එසේ නැතිවෙන්නේ නැහැ. එසේ නැතිවනවානම් එය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක්.

ස්නායු පද්ධතියේ අක්‍රීය වූ ස්නායු වලට නැවත ජීවය ලබාදෙන ඒ විශ්මිත පානය වන්නේ නිවිති මීපැණි පානයයි.

නිවිති මීපැණි පානය සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය 

  • සිහින්ව ලියාගත් නිවිති කොළ කෝප්ප 1 ක් 
  • හොදම තත්වයේ මීපැණි මේස හැදි 2 ක් 
  • වතුර කෝප්ප 1 ක්
මුලින්ම නිවිති සහ වතුර එකට දමා බ්ලෙන්ඩර් කරන්න. පසුව පෙරාගන්න. පෙරාගත් නිවිති ජූස් එකට මීපැණි දමා උදේ හිස් බඩ බොන්න. 

මේ සත්කාරය හැකි සෑම දවසකම කරන්න. මාසයක් බොද්දී ඔබේ ස්නායු වල ක්‍රියාකාරිත්වය වර්ධනය වේවි.


උපුටා ගැනීමකි.



Tuesday, November 12, 2019

විශ්මිත ශක්තිජනක පානයක්...



"කිසිම වැඩක් කරන්න පණක් නෑ... නැගිටගන්න බෑ... ඇවිදගෙන අඩි තුන හතරක් යාගන්න බෑ. හරියට අවුරුදු හැත්තෑවක මහල්ලෙක් වගේ. වෙලාවකට හිතෙනවා දරුණු ලෙඩක්ද කියලත්. කිසිම වැඩක් කරගන්න හිතක් නෑ. ටිකක් වැඩකරනකොට මහන්සියි... උදේට නැගිටගන්න බෑ...පැයක් යනවා ඇදෙන් නැගිටින්න.. අඩි දහයක් ඇවිදිනකොට හතිය වගේ..මෙච්චර අඩපණ වුනේ කොහොමද...විටමින් සිරප් නම් කීයක් බිව්වද..ගුණයක් නෑ..." 

 මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද?? එසේනම් මෙන්න විශ්මිත ආහාරයක්. බෙහෙතක්. දිව ඔසුවක්. පුරාණ රජවරුන් පවා පාවිච්චි කළ ශක්තිජනක තිරිහන් ආහාරයක් වූ මෙය දිනපතා උදේට බොන්න. සතියක් දෙකක් මේ ඔසුව පානය කරන්න. ඔබටම අදහාගත නොහැකි ලෙස ඔබ පණ ගහලා ඒවි.

නව යොවුන් තරුණියක තරුණයෙකු මෙන් ශක්තියක් ඔබට ලැබේවි. ශරීරයේ ශක්තිය හීනවෙන්නේ අපේ ශරීරයේ ඇති "චක්‍රාස්" වශයෙන් හදුන්වන ශක්තිය උපද්දවන මූලයන්ගේ දුර්වලතාවයන් නිසයි. මේ පානය ඒ චක්‍රාස් වල ක්‍රියාකාරිත්වය යළිත් පණගන්වන දිව ඔසුවක්. දිනපතා හිස් බඩ මේ පානය හදාගෙන බොන්න. මේ පානය කළ පසුව පැයක් යනතුරු කිසිම ආහාරයක් පානයක් ගන්න එපා.

පුරාණ වට්ටෝරුව සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය 


  • වතුර කෝප්ප 2ක් සමග දියේ දමාගත් බාර්ලි කෝප්ප තුන්කාලක් 
  • එළකිරි කෝප්පයක් 
  • මීපැණි මේස හැදි 2 ක්  
  • රට ඉදි ගෙඩි 2 ක් 
  • ගිතෙල් තේ හැදි 1 ක් 


සාදාගන්නා ආකාරය හා පාවිච්චි කරන ආකාරය


  • දියේ දමාගත් බාර්ලි එම වතුරත් සමග පිරිසිදු සාස්පානකට දමා තැම්බෙන්න තබන්න. 
  • බාර්ලි තැම්බුණු පසුව එය හොදින් හැදෙන් පොඩිකර පසුව බාර්ලි වතුර පෙරාගන්න. පෙරාගත් බාර්ලි වතුර ටික යළිත් සාස්පානටම දමන්න. ( ඇට ඉවත්කර ) 
  • එය රත්වෙද්දී එයට එළකිරි ටික දමන්න. මදගින්නේ රත්කරන්න. 
  • දැන් එයට ගිතෙල් සහ මීපැණි ටික දමන්න.තවත් විනාඩියක් පමණ රත්කර බාගන්න. 
  • දැන් එය ලොකු මග් එකකට දමාගන්න. 
  • දැන් මේ පානය මද රස්නය පිටින්ම රට ඉදි 2ක් සමග බොන්න. උදෑසන 7ට පෙර මෙය පානය කරන්න. 
  • ඉන්පසු උදේ 9 වනතුරු කිසිම ආහාරයක් ගන්න එපා. 
  • දිනපතා පානය කරන්න. ශරීරයට අලුත් පණක් ලැබී, ශරීරය අලුතින පාට වැටී, දෑස් පෙනීම වැඩිවී නව යොවුන් පිරිපුන් ජීවිතයක් ඔබට ලැබේවි. 


 උපදෙස්
 කේරළ ආයුර්වේද වෛද්‍ය
 කවීතා ගෝපාලන් ශ්‍යාමාලා විසිනි.
 උපුටා ගැනීමකි.

Saturday, November 9, 2019

කවදාවත් විසිකරන්න හොද නැති පුදුම තරම් වටිනා දේවල් 7 ක්...




1. කරපිංචා නැටි
බොහෝ වේලාවට අපි කරපිංචා කොළ ටික සූරලා අරගෙන කරපිංචා නැටි, කුඩා මැද නාරටිය විසිකරලා දානවා. නමුත් ආයුර්වේදයේ බොහෝමයක් චූර්ණ, කල්ක, කෂාය සදහා ගන්නේ කරපිංචා නාරටියයි. කවදාවත් මේ නාරටිය විසිකරන්න එපා. කරපිංචා හොද්දට දමද්දි කුඩා කිනිත්ත පිටින්ම දමන්න. අලුත් රසයක් එකතු වෙනවා වගේම ගුණයත් වැඩිවෙනවා.

2. ගොටුකොළ මුල්
වැල් ගොටුකොළ ගෙන ආ විට අපි කොළ ටික ගෙන මුල් ටික විසිකරලා දානවා. මේ ඔබ ඉවත දමන්නේ ගොටුකොළ ශාකයේ වටිනාම කොටසයි. හොදින් පස් ඉවත් වෙන්න සෝදා ගොටුකොළ මුලත් සිහින්ව කොළත් සමග ලියාගන්න. අදහාගත නොහැකි ගුණයක් ඉන් ලැබෙනවා.

3. පොල් වතුර
පොල් ගෙඩිය බිද පොල් වතුර ටික අපි සින්ක් එකට හලනවා. පස්සේ රෑට ගැස්ට්‍රයිටිස් කියලා බෙහෙත් ගන්න යනවා. ඔබ දන්නවාද??? දිනපතා පොල් වතුර පානය කරනවා නම් ගැස්ට්‍රයිටිස් එන්නේ නෑ කියලා. ඒ නිසා පොල් වතුර ටික ශීතකරණයේ දමා හෝ පානය කරන්න. එය වටිනා ආයුර්වේද පානයක්.

4. වට්ටක්කා ඇට
බොහෝවිට වට්ටක්කා මාළුව පිසගැනීමේදී වට්ටක්කා ඇට ටික සූරා ඉවත්කරනවා. නමුත් ආයුර්වේද ගැන මෙන්ම පෝෂණය ගැනත් ඔබ දන්නවානම් කවදාවත් මේ වට්ටක්කා ඇට ඉවත්කරන්නේ නෑ. කොලෙස්ට්‍රෝල් අවම කරන පුදුමාකාර ගුණයක් මෙන්ම ශරීරය ප්‍රභාමත් කරන ගුණයක් වට්ටක්කා ඇටවල තිබෙනවා. කජු මෙන් පුච්චා කන්න. නැත්නම් බැදුමට දාන්න. නැත්නම් නිකන් කන්න. පුදුම තරම් ගුණයි.

5. පිපිඤ්ඤා මද
බඩවැල් වල තුවාල වලට මෙන්ම ගැස්ට්‍රයිටිස් අමාරුවටත් මේ තරම් ගුණදායක වෙනත් දෙයක් නෑ. ඒ නිසා අනිත් දවසේ සලාදය හදද්දී පිපිඤ්ඤා මදය සූරා ඉවත් කරන්න එපා. එයත් සමගම හදන්න. නැත්නම් එය සූරා ඒ වේලාවේම කන්න. ඉස්සර අපේ ගෙවල් වල මේක දරුවන්ට කන්න දෙනවා. හැකිනම් පිපිඤ්ඤා ගෙඩියක් නිකං කන්න. ඒක ඉතාමත් ගුණ සිසිලස ටොනික් එකක්..
6. බීට්රූට් කොළ
බීට්වල ගුණය ඇත්තේ මේ කොළවලයි. ඒ නිසා අනිත් දවසේ බීට් ගනිද්දී කොළත් එක්කම් ගන්න. එහි කොළත් අලත් සමග සිහින්ව කපා හදන්න. හරිම රසයි. නැත්නම් කොළ තෙල් දාන්න. කෙසේ හෝ මේ කොළ කන්න. එය දෑස්වලට ඉතාමත් හොද ශරීරයේ ලේ වඩන රත්තරන් කොළ මිටක් බව අමතක කරන්න එපා.

7. බාර්ලි ඇට
බොහෝවිට බාර්ලි හදලා බාර්ලි වතුර ටික අරගෙන බාර්ලි ඇට ටික ඉවත් කරනවා. නමුත් බාර්ලි ඇට මළ බද්ධයට මෙන්ම මළ ටික ටික පිටවීමටත් සීනි මට්ටම අඩුකිරීමටත් කොලෙස්ට්‍රෝල් අවම කිරීමටත් බඩවැල්වල ඇති තුවාල සනීප කරන්නටත් හැකිතරම් ප්‍රබලයි. ඒ නිසා බාර්ලි ඇටත් සමගම බ්ලෙන්ඩර් කරලා බොන්න. නැත්නම් බාර්ලි ඇට ටික වෙනම දීසියක දාගෙන කන්න...