මී පැණි ඉතාම හොද පෝෂණීය ආහාරයක්. එය ශරීරයේ සීනි මට්ටම පාලනය කරනවා. සාමාන්‍ය ප්‍රමාණයට පරිභෝජනය කරනවානම් මී පැණි ශරීරයේ අගුණ් අඩු කර ප්‍රභාව වැඩි කරන විශ්මිත ආහාරයක්. ආයුර්වේදයේ මී පැණි වලට තිබෙන්නේ විශේෂ තැනක්. ආයුර්වේදයේ මේ පුදුමාකාර ආහාරය ගැන ඉතාම ඉහලින් සළකනවා.
අද මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ මී පැණි ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්වන වාසි මොනවාද සහ ආයුර්වේද වෛද්‍යතුමියක් විසින් පුවත් පතක සදහන් කර තිබූ අවුරුදු 10 කින් තරුණ කරන විශ්මිත පානයක් පිළිබදවයි.
මී පැණි ආහාරයට ගැනීමෙන්........
- ඔබ මල බද්ධයෙන් පීඩා විදිනවානම් මේ මී පැණි ප්‍රතිකාරයෙන් එය සමනය වෙනවා.
- බඩවැල් පිරිසිදු වෙනවා සහ බඩවැල් ශක්තිමත් වෙනවා. ආයුර්වේදයට අනුව අපට බොහෝ ලෙඩදුක් ඇතිවෙන්නේ බඩවැල්වල ඇතිවන ආමය හෙවත් නොදිරවූ ආහාරය නිසා හටගන්නා අම්ලයක් නිසාය.මේ අම්ලය අපේ බඩවැල් වල ඇලී තැවරී තිබෙනවා. මේ පානයෙන් පසුව ඒවා නැතිවී බඩවැල් අලුතෙන් ශක්තිමත් වෙනවා.
- මතකය වැඩිවී මානසික ලිහිල්වීමක් ඇතිවෙනවා.
- සමට අදහා ගත නොහැකි ප්‍රභාමත් බවක් ලැබෙනවා.
- දෑස් වල පෙනීම වැඩිවෙනවා.
- ඔබ කාන්තාවක් නම් ඔබේ හෝමෝන අසමතුලිත වීම නිසා ඇතිවන රෝග අවම වෙනවා. ලිංගික ශක්‍තිය ඇතිවෙනවා.
- අධික තරබාරුව අඩුකරනවා.
ඉතා ඉක්මනින් මේ විශ්මිත පානය බොන්නට පටන් ගන්න. මෙය ඉතාම ස්වභාවික පානයක්. යම් රෝගී තත්වයක් ඇත්නම් වෛද්‍යවරයෙකුගෙන් විමසා බොන්න. මෙම පානය සදහා ඉතා හොද තත්වයේ මී පැණි සොයාගත යුතුයි.
විශ්මිත පානය. (උදේට)
- උණුවතුර කෝප්ප 1 යි.
- මී පැණි තේ හැදි 2 යි.
- ඩෙහිගෙඩි 3ක යුෂ.
මේ සියල්ල එකට මුසු කර රස්නේ පිටම උදෑසන හිස්බඩ බොන්න. මෙය පානය කර පැයක් යනතුරු වෙනත් කිසිම පානයක් හෝ ආහාරයක් ගන්න එපා.
මේ පානය බොන කාලය තුළ උදෑසන ආහාරයට මුං ඇට ආහාරයට ගන්න. නැත්නම් කඩල පීරිසියක් කන්න. කිසිම අවස්තාවක පාන්, ඉදි ආප්ප, බත් ආහාරයට ගන්න එපා.. කිරි තේ පානය කරන්නත් එපා. ඒ වෙනුවට ඉගුරු ප්ලේන්ටියක් පානය කරන්න.
විශ්මිත පානය (රාත්‍රියට)
- උණු වතුර කෝප්ප 1 යි.
- මී පැණි තේ හැදි 2 යි.
- කුරුදු කුඩු තේ හැදි 2 යි.
මේ සියල්ල එකට මුසු කර විනාඩි 5 ක් වසා තබා රාත්‍රී නින්දට පෙර බොන්න. ඉන්පසු කිසිම ආහාරයක් හෝ පානය ගන්න එපා. අධිකව මස් හෝ බත් ආහාරයට ගන්න එපා. රාත්‍රියට රතුකැකුලු බත් කෝප්පයක් හෝ රතුකැකුලු ඉදි ආප්ප 10ක් කිරි හොද්දක් සමග ආහාරයට ගන්න.
මේ ප්‍රතිකාරය අරඹන්නට පෙර ඔබේ බර කිරාගන්න. මාසයකට පසුව ඔබේ බර කිරන්න. ඇති වී ඇති වෙනස ඔබට අදහා ගන්නට බැරිවේවි.
මේ පානය ගන්නා කාලය තුල පාන් පිටි දැමූ ආහාර නොගෙන ඉන්න. එසේම රතු මස් ආහාරයට ගන්න එපා. එවිට මේ ප්‍රතුකාරයේ ප්‍රතිඵල අපතේ යනවා. සීනි භාවිතය ඉතාම අඩු කරන්න. පිපාසයට වතුර, ඉගුරු ප්ලේන්ටි හෝ තැඹිලි වතුර බොන්න.
මෙහි සදහන් ආකාරයටම මාස 3 ක් එකදිගටම මේ ප්‍රතිකාරය කිරීමෙන් අනවශ්‍ය තරබාරුව අඩුකර සම දීප්‍තිමත් කර අවුරුදු 10 කින් කර නීරෝගී ශරීරයක් ලබා ගන්න හැකිවේවි.

No comments:
Post a Comment