Tuesday, September 3, 2019

ගර්භනී සමයේ ආහාර සදහා ආයුර්වේදයේ සදහන් උපදෙස්

ගර්භයේ මාස ගණනටඅනුරූපව ආහාරයට ගත යුතු දේවල්



කුස තුල දරුවා නිරෝගීව වැඩෙනු දැකීමත්කරදරයකින් තොරව ප්‍රසවය සිදුවී නිරෝගීදරුවෙක් බිහි කිරීමත් සැම  ගර්භිනියකගේමඅපේක්ෂාවයිදරුවාගේ පෝෂණයසම්පුර්ණයෙන් රඳා පවතින්නේ මවගේරුධිරයෙන් සැපයෙන පෝෂ්‍ය පදාර්ථ මතයිසමබර පෝෂ්‍යදායි ආහාර ගැනීම දරුවාගේවැඩීමට මෙන්ම මවගේ සෞඛ්‍ය ආරක්ෂාවීමට  ඉවහල් වෙනවා.

ගැබිණිය ගන්න ආහාරයෙන් ඇති වන රසධාතුව ප්‍රධානව කොටස් 3කට බෙදී ක්‍රියාකරනවා.

  1. ගර්භිණියගේ පෝෂණයට
  2. ගර්භයේ පෝෂණයට
  3. මවුකිරි සඳහා පියයුරු සුදානම් කිරීමට.
මව් කුස තුල සිටින දරුවා පූර්ණපරපෝෂිතයෙකු ලෙස තමන්ට අවශ්‍ය සියළුදේවල් මවගෙන් ලබා ගන්න නිසා මව මනාපෝෂණයක් ලබා ගත යුතුයි.
මුල් මාස 3 බොහෝ විට උදෑසන වමනයෙන් ආහාරකොටස් ඉවත් වී යාමකැම අරුචිය ආදිය ඇති වනනිසා එහිදී සිදු වන අඩුව පිරවීමටත්මුල් මාස 3 දීකළලයේ අවයව නිර්මාණය වීම ආරම්භ වන නිසාඊට අදාළ පෝෂක බාහිරෙන් ලබා දෙන්න අවශ්‍යයි.

 සඳහා ආයුර්වේදයේ විස්තර වෙනආහාර වර්ග මෙසේ යි.

පළමු දින 12 තුළ

  • ගිතෙල් ,
  • මධුර රස ශීතද්‍රව සහිත ආහාර

මුල් මාසය තුළ 

  • එළකිරි
  • මධුර රසශීතද්‍රව බහුල ආහාර වර්ග

දෙවන වන මාසය තුළ

  • එළකිරි
  • මධුර රසශීත ද්‍රව බහුල ආහාර

තෙවන වන මාසය තුළ

  • මී පැණි
  • ගිතෙල් දැමු එළකිරි
  • මධුර රසශීතද්‍රව බහුල ආහාර – තැඹිලිවතුරපිපිඥ්ඥාකැකිරිපැණි කොමඩුවට්ටක්කාපතෝල
  • හැටදා හාලින් කල කිරිබත්
ඊලග මාස 3 දී එනම් 4, 5, 6 මාස වලකළලයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවාදරුවාගේ අංග ජනනය අවසන් වෙලාමාංශමය වර්ධනයක් ඇති වී බර වැඩිවීම ආරම්භවෙන්නේ මේ කාලයේදී යිමේ කාලයේදී නෙල්ලිරසකිඳඉරමුසුහාතාවාරිය බහුලව ගැනීම වැදගත්.
එතනින් පසුව එළඹෙන මාසයන්හිදීකලලයේ අවශ්‍යතාවන් වෙනස් වෙනුවෙන්ගතයුතු ආහාර වර්ගත් මේ නිසා වෙනස්වෙනවාඑම ආහාර වර්ග පහත ආකාරයටපෙළ ගස්වන්න පුළුවන්.

හතර වන වන මාසයෙදි හෘදයට හිතකරද්‍රව්‍ය ගැනීම සුදුසුයි.

  • දෙළුම්නාරංගිතෙල්නෙල්ලිනස් නාර
  • හැටදා හාල් බත්
  •  දී කිරි
  • එළකිරි 
  • වෙඩරු ( චීස් )
  • නවනීත ( බටර් )
  • කුකුල් මස්එළු මස්

පස් වන මාසය – එළකිරි මිශ්‍ර ආහාර

  • කිරි
  • එළගිතෙල් මිශ්‍ර ආහාර

හය වන මාසය – ගිතෙල්

  •  එළකිරි

හත් වන මාසය – පැණි රස ද්‍රව්‍ය සමග පිසූගිතෙල්

  •  බටර්
  • එළකිරි
  • ගිතෙල්

අට වන මාසය – කිරිගිතෙල්හාල් යොදාපිලියල කරන ලද ආහාර

  • කුකුල් මස් ආදියෙන් කරන ලද ආහාර

නම වන මාසය – ගිතෙල් පානය

  • කුකුල් මස් සුප්
ගර්භනී සමයේදී වඩා වැදගත් වන්නේසමබල ආහාර ගැනීමයි.  ඉහත දක්වා ඇතිආහාර පමණක් ගත යුතු යැයි කෙනෙක්ටවැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්නමුත්එසේ දක්වා ඇත්තේ විශේෂයෙන් තම ආහාරවේල් වලට එකතු කරගත යුතු ආහාරවර්ගයි.

No comments:

Post a Comment